වාහනය ගැන ලාන්සා - තලතා කතාකරයි

Nimal Lanza නිමල් ලාන්සාතමන් සුඛෝපභෝගී මෝටර් රථයක් ආනයනය කරන ලද්දේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු ලෙස තමන්ට හිමි වූ වාහන ආනයන බලපත‍්‍රයෙන් බව නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ තමන් කිසිවිටෙකත් තම අමාත්‍යාංශයෙන් වාහන ලබාගෙන නොමැති බවයි.

සන්ඡේ දත් ලංකාවට

සුප්‍රකට බොලිවුඩ් නළු සන්ඡේ දත් ගැන කතාන්දර බොහොමයක්‌ තිබේ. ඔහු ඉස්‌ලාමීය ත්‍රස්‌තවාදීන්ට උදව් කර හිරේ ගිය බව එයින් එක්‌ කතාවකි. ඔහු ඉන්දියාවේ සිටින ධනවත්ම නළුවන්ගෙන් එක්‌ අයකු බව තවත් කතාවකි. 

ඔහු පිළිබඳ අලුත්ම කතාව වන්නේ ලබන සෙනසුරාදා (16 දා) රාත්‍රි 9 ට ශ්‍රී ලංකාවේ කොල්ලුපිටියේ පිහිටි එක්‌තරා කැසිනෝ ක්‌ලබ් එකකට ඔහු එන බවය. පසුදින උදේ 6 වන තුරු එතැනට එන අය සමඟ නටමින් ගයමින් ඔහු විනෝද වන බවය. 

දිවි නහගන්න උඩින් පනියි CCTV Video

සාමාන්‍යයෙන් වාර්තා නොවන අමුතුම ආකාරයේ අනතුරක් පිළිබඳ චීනයෙන් වාර්තා වෙනවා.

පසුගිය සෙනසුරාදා සිදුව ඇත්තේ චීනයේ ගුවංසි පළාතේයි.උස් ගොඩනැගිල්ලකට නැගගත් පුද්ගලයෙකු සිය දිවි නසාගැනීම සඳහා එම ගොඩනැගිල්ලෙන් පහළට පැන තිබෙනවා.

මහ බැංකු අධිපතිගෙ පුංචි පුතාගේ වැඩ Video

මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ලෝකයා හඳුනන්නේ ආර්ථශාස්ත්‍රඥයෙකු ලෙසය. ඔහුගේ කණිටු පුත් අර්ජුන් කුමාරස්වාමි පියා ගිය මග ටික කලක් ගියද, ඒ මග අතැර දමා වෙනත්ම මගක් තෝරාගෙන තිබේ.

ඔහු කලක් බහු ජාතික සමාගමක සේවය කර ඉන් ඉවත්ව සංගීත මාවත තෝරාගෙන තිබේ. ඔහු වඩාත්ම ජනප්‍රියත්වයට පත්වන්නේ Kolaveri Di ගීතය Re-Mix කොට මියුසික් වීඩියෝවක් කිරීමෙනි. එම වීඩයෝව මේ වනවිට Youtube හි 11,601,754 පමණ නරඹා ඇති වීඩියෝවකි. වෙනත් ගායකයින්ගේ ගීත නව ආරකින් ගායනා කිරීම අර්ජුන්ගේ විශේෂත්වයකි.

ගැබ්ගෙල පිළිකාවෙන් වළකින එන්නත පාසලෙන්

ගැබ්ගෙල පිළිකාව වැළැක්වීම සඳහා දෙනු ලබන එච්.පී.වී. එන්නත 2017 ජනවාරි මාසයේ පටන් පාසල් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ නොමිලේ ලබා දෙන බව වසංගත රෝග අංශය පවසයි. ඒ අනුව දිවයිනේ සියලු පාසල්වල වයස අවුරුදු 10ත් - 11ත් අතර වයස්වල පසුවන දැරියන් (හය වසර) සඳහා මේ එච්.පී.වී. (Human Papillema Virus) ලබා දෙන බව වසංගත රෝග ඒකකයේ වසංගත රෝග විශේෂඥ වෛද්‍ය දීපා ගමගේ මහත්මිය පවසයි.

වයස අවුරුදු 10ත් - 11ත් අතරේ පසුවන සියලු පාසල් දැරියන්ට මේ එන්නත ලබා දීමෙන් ගැබ්ගෙල පිළිකාවෙන් පූර්ණ ආරක්ෂාව සැලසේ. එන්නත ගැබ්ගෙල පිළිකාවෙන් වැළැකීම සඳහා වන ආරක්ෂිතම සහ එකම ප්‍රතිශක්තිකරණ ක්‍රමය වන බවද වෛද්‍ය ගමගේ පවසයි. එච්.පී.වී. එන්නත විදීමෙන් මල්වර වීමේ ක්‍රියාවලියට හෝ දැරියන්ගේ ශාරීරික සෞඛ්‍යයට කිසිදු අහිතකර අතුරුපලයක් ඇති වන්නේ නැත.