නිරුවත්ව නිල් පැහැයෙන් Video

ඇඳුම් උනා දමා නිරුවත්ව නිල් වර්ණාලේපන ඇඟ තවරා ගත් තුන්දහස් දෙසීයක පිරිසක් බ්‍රිතාන්‍යයේ හල් නගරයේදී කලා නිර්මාණයක් සඳහා පෙනී සිටියහ.

ඇමරිකානු ජාතික ඡායාරූප ශිල්පියකු වන ස්පෙන්සර් ටුනික්ගේ කලා නිර්මාණයක් සඳහා පෙනී සිටි පිරිස අතර ලොව නන්දෙසින් පැමිණි අය වූහ.

ජලය සංකේතවත් කිරීම සඳහා නිල් පැහැති ආලේපන යොදා ගෙන ඇති අතර 'හල් පෙදෙසේ මුහු'ද ලෙස නම් කොට ඇති කලා නිර්මාණය 2017 වසරේ පැවැත්වීමට නියමිත 'හල් කලා සැණකෙළියේදී' ප්‍රදර්ශනය කෙරෙනු ඇත.

නාමල් හෙට අත්අඩංගුවට !

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා හෙට (11) අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

ඔහු එසේ අත්අඩංගුවට ගැනීමට යන්නේ, අල්ලස් හෝ දූෂණ කොමිසමෙන් හා පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයෙන් (FCID) කල පැමිණිල්ලක් මතය.

වාහනය ගැන ලාන්සා - තලතා කතාකරයි

Nimal Lanza නිමල් ලාන්සාතමන් සුඛෝපභෝගී මෝටර් රථයක් ආනයනය කරන ලද්දේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු ලෙස තමන්ට හිමි වූ වාහන ආනයන බලපත‍්‍රයෙන් බව නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ තමන් කිසිවිටෙකත් තම අමාත්‍යාංශයෙන් වාහන ලබාගෙන නොමැති බවයි.

සන්ඡේ දත් ලංකාවට

සුප්‍රකට බොලිවුඩ් නළු සන්ඡේ දත් ගැන කතාන්දර බොහොමයක්‌ තිබේ. ඔහු ඉස්‌ලාමීය ත්‍රස්‌තවාදීන්ට උදව් කර හිරේ ගිය බව එයින් එක්‌ කතාවකි. ඔහු ඉන්දියාවේ සිටින ධනවත්ම නළුවන්ගෙන් එක්‌ අයකු බව තවත් කතාවකි. 

ඔහු පිළිබඳ අලුත්ම කතාව වන්නේ ලබන සෙනසුරාදා (16 දා) රාත්‍රි 9 ට ශ්‍රී ලංකාවේ කොල්ලුපිටියේ පිහිටි එක්‌තරා කැසිනෝ ක්‌ලබ් එකකට ඔහු එන බවය. පසුදින උදේ 6 වන තුරු එතැනට එන අය සමඟ නටමින් ගයමින් ඔහු විනෝද වන බවය. 

දිවි නහගන්න උඩින් පනියි CCTV Video

සාමාන්‍යයෙන් වාර්තා නොවන අමුතුම ආකාරයේ අනතුරක් පිළිබඳ චීනයෙන් වාර්තා වෙනවා.

පසුගිය සෙනසුරාදා සිදුව ඇත්තේ චීනයේ ගුවංසි පළාතේයි.උස් ගොඩනැගිල්ලකට නැගගත් පුද්ගලයෙකු සිය දිවි නසාගැනීම සඳහා එම ගොඩනැගිල්ලෙන් පහළට පැන තිබෙනවා.