හෙරොයින් ප‍්‍රවාහනය කරමින් සිටි චීවරධාරියෙකු ඇතුලූ තවත් තිදෙනෙකු නොච්චියාගමදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශණ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කළ පරීක්ෂාවකදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබූ බව සඳහන්.
කොළඹ සිට පුත්තලම හරහා නොච්චියාගමට සුඛෝපභෝගී මෝටර් රථයක් ඊයේ සවස අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක්කළා.




