මීගහතැන්න විදුහලට දරුවන් දස දෙනෙකු බලහත්කාරයෙන් ඇතුලත් කරන ලදැයි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලද නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ මෙසේ සටහනක් තබා ඇත.
මන්ත්‍රිවරියක් පවුල කඩාගනී
පසුගිය රජයේ හිටපු ඇමතිවරයෙකුගේ දේශපාලන දියණියකගේ අනියම් සම්බන්ධතාවක් නිසා පවුල් ජීවිතය කැඞී ගොස් ඇති බව වාර්තා වෙයි.
සමලිංගික අයිතින් ගැන මේ දිනවල ප්‍රසිද්ධියේ මත දක්වන ඇය පළාත් සභාවත් නියෝජනය කරන්නියක්ද වෙයි.
උඩරට නියෝජනය කරන විවාහක තරැණ ඇමතිවරයෙක් හා පැවති අනියම් සම්බන්ධතාවක් හේතුවෙන් ඇයගේ පවුල් ජීවිතය මෙසේ කඩා ඉහිරී ඇති අතර මෙම ඇමතිවරයා කලක සිටම විවිධ සම්බන්ධතාවලට පැටලී ඇත්තෙක් යයිද කියැවෙයි.
T-20 ජයත් එංගලන්තයට
ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවති ටෙස්ට් එක්දින හා T-20 තරඟාවලි සියල්ලෙන්ම ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. ඊයේ පැවති අවසන් T-20 තරඟය කඩුලු 8කින් ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්වීය.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදෙමින් ලකුණු පන්දු වාර විස්ස අවසාන වන විට සියල්ලන් දැවී ලබාගනු ලැබුවේ ලකුණු 140ක් පමණි.
රාජසිංහ රජුගේ නෑයෝ ලංකාවට ඇවිත්
ඉන්දියාවේ සිට පැමිණෙන පිරිසක් කීර්ති ශ්‍රී රාඡසිංහ රඡුුගේ ඥාතින් බව පවසමින් මහනුවර ලෝක උරුම නගරයේ ඇති සෙල්වර් විනායගර් කෝවිල සහ එයට අයත් දේපල අත්පත් කරගැනීමට උත්සාහ දරන බව පළාත් සභා මංත්‍රී නිමල් පේ‍්‍රමවංශ මහතා මධ්‍යම පලාත් සභා රැස්වීමේදී අද (05) අනාවරණය කළේය.
මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඞී.නිමලසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පල්ලේකැළේ පළාත් සභා ශ්‍රවණාගාරයේදී අද (05) මධ්‍යම පළාත් සභා රැස්වීම ආරම්භ වූ අතර එහිදී වැඩිදුරටත් මංත්‍රී වරයා සඳහන් කළේ මහනුවර නගරය ලෝක උරුමයක් බවට පත්වීමට එක් හේතුවක් වන්නේ මෙම සෙල්වර් විනායගර් කෝවිල බවයි.
රාමසාන් දවසේම වතුර කපලා!
අද (6) රාමසාන් සැමරුම යෙදෙන රජයේ නිවාඩු දිනයේ කොළඹ නගරය ආසන්න ප්‍රධාන නගර ගණනාවක ජල සැපයුමට බාධා ඇතිවීමෙන් ජනතාව දුෂ්කරතාවයට ලක්ව තිබේ.
ඊයේ අඹතලේ පොම්පාගාරයේ සිට පැමිණෙන නලයක් දෙහිවලදී හදිසි පුපුරායාමකට ලක්වීම නිසා ඊට අවශ්‍ය අලූත්වැඩියා කටයුතු සඳහා ජලසැපයුම තාවකාලිකව අත්හිටුවා තිබුනේ අද උදේ 6 දක්වාය. නමුත් පසුව වාර්තාවූයේ එම අලූත්වැඩියාවට අපේක්ෂිත කාලය ඉක්මවා යන බවකි.මේ හේතුවෙන් දෙහිවල, ගල්කිස්ස,වැල්ලවත්ත, කිරුළපන, පාමංකඩ, හැව්ලොක් ටවුන්, බම්බලපිටිය,කොල්ලූපිටිය,ජයන්තිපුර,පැලවත්ත,මුල්ලේරියාව,අඹතලේ හා කොහිලවත්ත ප්‍රදේශවල ජලසැපයුම නැවතී ඇත. අලූත්ම ආරංචි වලින් කියවුනේ සවස 3 වන විට ජලසැපයුම යථාතත්වයට පත් කළ හැකි බවකි.



