ඉන්දියාවේ සිට පැමිණෙන පිරිසක් කීර්ති ශ්‍රී රාඡසිංහ රඡුුගේ ඥාතින් බව පවසමින් මහනුවර ලෝක උරුම නගරයේ ඇති සෙල්වර් විනායගර් කෝවිල සහ එයට අයත් දේපල අත්පත් කරගැනීමට උත්සාහ දරන බව පළාත් සභා මංත්‍රී නිමල් පේ‍්‍රමවංශ මහතා මධ්‍යම පලාත් සභා රැස්වීමේදී අද (05) අනාවරණය කළේය.
මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඞී.නිමලසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පල්ලේකැළේ පළාත් සභා ශ්‍රවණාගාරයේදී අද (05) මධ්‍යම පළාත් සභා රැස්වීම ආරම්භ වූ අතර එහිදී වැඩිදුරටත් මංත්‍රී වරයා සඳහන් කළේ මහනුවර නගරය ලෝක උරුමයක් බවට පත්වීමට එක් හේතුවක් වන්නේ මෙම සෙල්වර් විනායගර් කෝවිල බවයි.



