රාජසිංහ රජුගේ නෑයෝ ලංකාවට ඇවිත්

ඉන්දියාවේ සිට පැමිණෙන පිරිසක් කීර්ති ශ‍්‍රී රාඡසිංහ රඡුුගේ ඥාතින් බව පවසමින් මහනුවර ලෝක උරුම නගරයේ ඇති සෙල්වර් විනායගර් කෝවිල සහ එයට අයත් දේපල අත්පත් කරගැනීමට උත්සාහ දරන බව පළාත් සභා මංත‍්‍රී නිමල් පේ‍්‍රමවංශ මහතා මධ්‍යම පලාත් සභා රැස්වීමේදී අද (05) අනාවරණය කළේය.

මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඞී.නිමලසිරි මහතාගේ ප‍්‍රධානත්වයෙන් පල්ලේකැළේ පළාත් සභා ශ‍්‍රවණාගාරයේදී අද (05) මධ්‍යම පළාත් සභා රැස්වීම ආරම්භ වූ අතර එහිදී වැඩිදුරටත් මංත‍්‍රී වරයා සඳහන් කළේ මහනුවර නගරය ලෝක උරුමයක් බවට පත්වීමට එක් හේතුවක් වන්නේ මෙම සෙල්වර් විනායගර් කෝවිල බවයි.

රාමසාන් දවසේම වතුර කපලා!

අද (6) රාමසාන් සැමරුම යෙදෙන රජයේ නිවාඩු දිනයේ කොළඹ නගරය ආසන්න ප‍්‍රධාන නගර ගණනාවක ජල සැපයුමට බාධා ඇතිවීමෙන් ජනතාව දුෂ්කරතාවයට ලක්ව තිබේ.

ඊයේ අඹතලේ පොම්පාගාරයේ සිට පැමිණෙන නලයක් දෙහිවලදී හදිසි පුපුරායාමකට ලක්වීම නිසා ඊට අවශ්‍ය අලූත්වැඩියා කටයුතු සඳහා ජලසැපයුම තාවකාලිකව අත්හිටුවා තිබුනේ අද උදේ 6 දක්වාය. නමුත් පසුව වාර්තාවූයේ එම අලූත්වැඩියාවට අපේක්ෂිත කාලය ඉක්මවා යන බවකි.මේ හේතුවෙන් දෙහිවල, ගල්කිස්ස,වැල්ලවත්ත, කිරුළපන, පාමංකඩ, හැව්ලොක් ටවුන්, බම්බලපිටිය,කොල්ලූපිටිය,ජයන්තිපුර,පැලවත්ත,මුල්ලේරියාව,අඹතලේ හා කොහිලවත්ත ප‍්‍රදේශවල ජලසැපයුම නැවතී ඇත. අලූත්ම ආරංචි වලින් කියවුනේ සවස 3 වන විට ජලසැපයුම යථාතත්වයට පත් කළ හැකි බවකි.

උද්ධමනය 2.6%කින් ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය හා ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව රටේ සාමාන්‍ය උද්ධමනය මෙම වසරේ පළමු කාර්තුවේ දී සියයට 2.6 කින් ඉහළ ගොස් ඇතැයි ආණ්ඩුව ඊයේ (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ආර්ථිකය පිළිබඳ කාර්තුමය වාර්තාවේ සඳහන් වේ.

ආණ්‌ඩුව තාමත් ළදරුවෙක්‌

ආණ්‌ඩුව තවමත් මාස 10 ක්‌ සපිරුණු පුංචි ළදරුවකු නිසා විශාල 'බල්ටි' පිළිබඳව බලාපොරොත්තු තබාගත යුතු නැතැයි සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඊයේ (05 දා) පැවසීය.

තවදුරටත් අදහස්‌ දැක්‌වූ හෙතෙම මෙසේ ද කීය.

මේ බදු වැඩිවීම අපේ ආණ්‌ඩුව සිතා මතා කළ දෙයක්‌ නොවෙයි. මේ රට වත්මන් ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට බාර දෙනකොට තිබුණේ ඉතියෝපියාව, උගන්ඩාව වගේ යෑයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

අසාද් සාලි අත්අඩංගුවට ගත යුතුයි

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යම් සීරීමක්‌ හෝ සිදුවුවහොත් එහි වගකීම මුස්‌ලිම් කවුන්සිලය සහ ජනාධිපති උපදේශක අසාද් සාලි මහතා භාරගත යුතු බව එම සංවිධානයේ සම්බන්ධීකරණ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදන්ත හිමියෝ ඊයේ (05 වැනිදා) අවධාරණය කර සිටියහ.

උන්වහන්සේ ඊයේ (05 වැනිදා) එම අදහස්‌ පළ කළේ හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ජනාධිපති උපදේශක අසාද් සාලි මහතාට එරෙහිව පොලිස්‌පතිවරයාට පැමිණිල්ලක්‌ ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස්‌ දක්‌වමිනි.