ගොරවන අයගේ ආයුෂ කෙටියි

නින්දේදී ගොරවන පුද්ගලයන්ගේ ආයුෂ කෙටි වන අතර ඔවුන් හර්දයාභාද අධි රුධිර පීඩනය සහ අංශභාගයට ගොදුරු වීමේ වැඩි අවධානයක් පවතින බව නව වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ වලින් තහහුරු වී තිබෙනවා.

ලෝක ජනගහනයෙන් 74%කට සුවදායි නින්දක් නොලැබෙන බවයි පර්යේෂණ වාර්තා වල දැක්වෙන්නේ. අවුරුදු 3ට අඩු දරුවෙකු දිනකට පැය 12ක් නිදාගත යුතු අතර වැඩිහිටියෙකු දිනකට අවම වශයෙන් පැය 6ක නින්දක් අවශ්‍ය වනවා.

එමිල් කාන්තන් ළඟදීම ලංකාවට

තමා ශ්‍රී ලංකාවට නොපැමිණියේ නොවැළැක්විය හැකි හේතු නිසා වුවද, වර්තමානය වනවිට ශ්‍රී ලංකාවට නොපැමිණ සිටීමට හේතු නැතැයි එමිල් කාන්තන් පවසයි.

"මම රටින් ඈත්වී සිටීමට හිතුවේ නොවැළැක්විය හැකි හේතු නිසයි. ඒ නිසා මට නිදහසේ මෙන්ම ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාවක් හිමිවුණේ නෑ. නමුත් දැන් තත්ත්වයන් වර්ධනය වී තිබෙනවා. ඒ නිසා ලංකාවට නොපැමිණ සිටීමට හේතුවක් නෑ* යැයි තමා ශ්‍රී ලංකාවට නොපැමිණීම පිළිබඳව අදහස් දක්වමින් එමිල් කාන්තන් පවසයි.

ගීතා කුමාරසිංහගේ උපන්දිනය

පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියගේ උපන්දිනය නිමිත්තෙන් ඊයේ (02) රාත්‍රියේ පුංචි සාදයක් පවත්වා තිබෙනවා.

එම සාදය අතරතුර ටෙලි නිළියක වන සචිනි අයෙන්ද්‍රා විසින් ෆෙස්බුක් ලයිව් වීඩියෝවක් නිකුත් කර තිබෙනවා.

ඒ අතර තුර හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතාට කේක් කෑල්ලක් කවමින් ගීතා කුමාරසිංහ මහත්මිය පවසන්නේ ඇය කතා පවත්වන විට ඇතැමුන් ඇය ගීතා කුමාරතුංග යැයි ආමන්ත්‍රණය කරන බවයි.

ලංකාවට පරාජය (වීඩියෝ)

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැති එක්දින තරගාවලියේ පස්වැනි හෙවත් අවසන් තරගය ඊයේ (02) පැවැත් වුණා.මේ තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක මැතිව්ස් මුලින්ම පන්දුවට පහරදීම සදහා එංගලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව මුලින්ම පිටියට පැමිණි එංගලන්තය නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 7ක් දැවී ලකුණු 324ක් රැස්කර ගත්තා.පන්දු යැවීමේදි ලක් කණ්ඩායම වෙනුවෙන් දනුෂ්ක ගුණතිලක කඩුළු 3ක් දවාගත්තා.

මස්වැද්දාගේ සගයන් 2ක් අල්ලයි

දුර්ලභ ගණයේ වනසතුන් විශාල වශයෙන් දඩයම් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු මහනුවර පන්විල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (02) දිනයේ එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ. තවත් සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කෙරෙන බව පන්විල පොලිසිය ප‍්‍රකාශ කළා.