Pages

Feb142023

ප්‍රභාකරන් තාමත් ඉන්නවා

ප්‍රභාකරන් තවමත් ජීවත්ව සිටින බවත්, සුදුසු අවස්ථාවේ යළිත් මහජනයා වෙත පැමිණෙන බවත් තමිල්නාඩු දෙමළ ජාතික ව්‍යාපාරයේ නායක පී. නැදුමාරන් ප්‍රකාශ කර ඇත.

ඔහු මේ කරුණ ප්‍රකාශ කර ඇත්තේ ඊයේ (13 දා) තමිල්නාඩුවේ තහ්ජමුර්හිදී පුවත්පත් සාකච්ඡාවක් පවත්වමිනි.

සිංහලයන් මහින්ද රාජපක්‍ෂට එරෙහිව වීදි බසින විට ප්‍රභාකරන් ද ඉදිරියට පැමිණෙනු ඇති බව නැදුමාරන් පවසා තිබේ.

ඔහු එසේ පැවසුව ද ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා විසින් 2009 මැයි 19 වැනිදා නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ. නායකයා ඝාතනය කරනු ලැබීය.
චතුර පමුණුව