මිනී පෙට්ටිත් නෑ


මිනී පෙට්ටි නොමැති වීමෙන් මල්ශාලා හිමියන් දැඩි අර්බුදයකට පත්ව ඇති බවට වාර්තා වේ. පෙට්ටි නිෂ්පාදනය කිරීම අඩුවීම හේතුවෙන්.මල්ශාලා හිමියන් මෙන්ම මියයන පුද්ගලයන්ගේ ඥාතීන් දැඩි අර්බුදයකට පත්ව ඇත. මෙයට ප්‍රධාන හේතුව ලෙස මිනීපෙට්ටි නිෂ්පාදකයන් පවසන්නේ ඉන්ධන පිරවුම්හල්වලින් පෙට්රල් ගැලුම්වලට නිකුත් නොකිරීම හේතුවෙන් ගස් කපන යාන්ත්‍රික කියත් ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බවත් ඒ හේතුවෙන් පෙට්ටි සෑදීම සඳහා ගන්නා ලෑලි අධික ලෙස මිල වැඩි වී ඇති බැවින් පෙට්ටි සෑදීම අසීරු වී ඇති බවයි. තවද ලී මෝල්වලට අවශ්‍ය දැව කඳන් නොලැබීම හා ලැබෙන දැව කඳන් ලෑලි බවට පත් කිරීම සඳහා යොදා ගන්නා විදුලිය මෙන්ම ඩීසල් නොමැති වීම සහ ඩීසල් මිල වැඩි වීමත් සමඟම ලී මෝල්වලින් අධික මිල ගණන් යටතේ ලබා ගන්නා ලෑලිවලින් සකස් කරන පෙට්ටි මිල වැඩි වී ඇති බවත් මේ හේතුවෙන් මල් ශාලා හිමියන්ද දැඩි අසීරුතාවකට පත්ව ඇති බවත් වාර්තා වේ.

මීට පෙර මාතර කඹුරුගමුව, ගරාඩුව ආදී ප්‍රදේශවලින් පෙට්ටි ලබාගත් නමුත්  එහෙත් ඉන්ධන අර්බුදය හේතුවෙන් ඉරන ලද ලෑලි ලබා ගැනීමේ අපහසුතාව හේතුවෙන් එම ප්‍රදේශවල පෙට්ටි නිෂ්පාදනය සීමා වී ඇති අතර  ඒ හේතුවෙන් මොරටුව ප්‍රදේශයෙන් පෙට්ටි ලබා ගැනීමට සිදුව ඇත. ප්‍රවාහනය සඳහා අධික මිලක් ගෙවීමට සිදුවීම නිසා මරණයක වැඩ අවසන් කිරීමට පෙර තිබූ මුදලට වඩා වැඩි මුදලක් අය කිරීමට සිදුවීම හේතුවෙන් මරණකරුගේ ඥාතීන් ද මේ නිසා දැඩි අපහසුතාවකට පත්ව ඇත. ද ැන් පවතින තෙල් පෝලිම, ගෑස් පෝලිම, කිරිපිටි පෝලිම දැක්කම මරණය රෙදිවල ඔතා වළ දාන යුගය වැඩි අෑතක නොවන බවත් වර්තමාන ආණ්ඩුව තවදුරටත් පැවැතියහොත් මිනීපෙට්ටි ගන්න මල්ශාලා අසල පෝලිමේ ඉන්න සිදුවන යුගය අත ළඟ බවත් ජනතාව පවසති.