ජනප්‍රිය නිළි අනූෂා සොනාලි අභාවප්‍රාප්ත වෙයි


ජනප්‍රිය රංගන ශිල්පිනී අනූෂා සොනාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. අද (28) උදෑසන කළුබෝවිල රෝහලේදී ඇය අභාවප්‍රාප්ත වන විට වයස අවුරුදු 47 කි. අනූෂා සොනාලි මහත්මිය, රසික හදවත් තුළ ලැඟුම් ගත්තේ විසිදැල, ලොකු දුව, මමත් ගැහැනියක්, සුන්දර වරද ආදී නිර්මාණ හරහායි. 1995 වසරේදී සිය ප්‍රථම රංගනය වෙනුවෙන් ඇය හොඳම නැ එන නිළියට හිමි සරසවිය සම්මානය ද දිනාගත්තා ය.