Pages

ඖෂධ වර්ග 60ක මිල ඉහළට


ඖෂධ වර්ග 60ක මිල 40%කින් ඉහළ නංවමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ, සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්යය චන්න ජයසුමන මහතාගේ අත්සනින් යුතුවයි.

ඊට අනුව යම් උපලේඛනගත ඖෂධයක් විකුණනු ලබන නිෂ්පාදකයෙකුට හෝ ආනයනකරුවෙකුට ප්‍රතිශෝධිත සිල්ලර මිල සමානුපාතිකව සම්පූර්ණ වශයෙන් 40% ක ප්‍රතිශතයකින් ඉහළ නැංවීමට හැකියාව ලැබෙනු ඇති.

ඒ යටතේ පැරසිටමෝල් මිලිග්‍රෑම් 500 පෙත්තක උපරිම සිල්ලර මිල රුපියල් 4 යි ශත 16 ක් වේ.

ඇමොක්සිලින් මිලිග්‍රෑම් 375 පෙත්තක උපරිම සිල්ලර මිල රුපියල් 83 යි ශත 71 ක් වනු ඇති.