ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති අත්අඩංගුවට

ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ශලීල මුණසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ තායිවාන් ඊස්‌ටන් ඉන්ටර්නැෂනල් බැංකුවේ ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී (හැක්‌ කර) රුපියල් තිස්‌පන් කෝටියකට අධික මුදලක්‌ ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

ශලීල මහතා, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (හංසයා) පක්ෂයේ වත්මන් සභාපතිවරයා බවද පැවසේ.

එසේම ඔහු හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ඉතා කිට්ටුවන්තයෙකි.

කෙසේවුවද, ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිද්ධියේ සැකකරුවන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට අද දැනුම්දී තිබිණි.ෆා ඊස්ටන් ජාත්‍යන්තර බැංකුවෙන් ලංකා බැංකුවේ පෞද්ගලික ගිණූමට බැර වූ මුදල් ලබා ගැනීමට පැමිණි එම ගිණුමේ හිමිකරු ජේ. සී. නම්මුණි නැමැත්තා පසුගිය සිකුරාදා අත්අඩංගුවට පත් විය.