සිරස ප්‍රවෘති විකාශය අතරතුරදී බැසිල්ට බැනගෙන බැනගෙන යයි

සිරස ප්‍රවෘති විකාශය අතරතුරදී හදිසියේ නිවේදකයෙක් කඩා පැන බැසිල්ට බැනගෙන බැනගෙන යයි
පසුගියදා පැවති රැස්වීමකදී බැසිල් රාජපක්ෂ විසින් මෙසේ අදහස් දැක්විය, ” මේ රටේ
විකාශන අයිතිය දෙන සංඛ්‍යාත එක සමාගමකට දුන්නා. එදා නෙලුම් කුලුන හදලා, සුනාමිය ආවත් අපේ සන්නිවේදනය අඩපණ නොවෙන්න හදන්න කියපු ඒ සංඛ්‍යාත ටික මහරාජා සමාගමට අතයටින් දුන්නා ” යනුවෙනි.

මෙය සමග මේ සිද්ධිය සැල වුනු මහාරාජා විසින් බැසිල්ගේ පැටිකිරිය ගැලෙව්වේ ඔහු පසුගිය ආණ්ඩු සමයේ සහ දැන් කරන දේ හැල්ලුවට ලක් කරමිනි. අද සිරස News 1st ප්‍රවෘති විකාශය වෙමින් පවතින අවස්ථාවක හදිසියේම නිව්ස් වේදිකාවට පැමිණි සිරස ප්‍රවෘති ඉදිරිපත් කරන්නෙකු විසින් විනාඩි 5 ක කාලයක් එක දිගට බැසිල් රාජපක්ෂගේ රෙදි ගැලව්වේ ” රාජපක්ෂ පවුල කාපු එකා, අනූනමයෙන් බේරුණ හෙල්පින් හම්බන්තොට අමතක වෙලා ද? ” ආදී එකී නොකී සිද්ධි මතක් කරදෙමිනි.
එම සිද්ධිය අද ( ඔක්තෝබර් 9 ) විකාශය වූ ප්‍රවෘති අතර උණුසුම් සිදුවීම ලෙස සටහන් විය. එම සිද්ධියට අදාළ වීඩියෝව පහතින්,