වත්කම් - බැරකම් දඩය වැඩිවෙයි

වත්කම් - බැරකම් සම්බන්ධයෙන් වරදකරුවන් වන පුද්ගලයෙකුට නියම කරන දඩය රුපියල් 1000 සිට රුපියල් 100000ක් දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාදීම පැහැර හැරීම, එවැනි ප්‍රකාශයක අසත්‍ය තොරතුරු සඳහන් කිරීම අවශ්‍ය හෝ අවස්ථාවන්හි දී අතිරේක තොරතුරු ඉදිරිපත් නොකිරීම ආදී අවස්ථාවන්හිදී නීතියෙන් වරදකරු කෙරෙන තැනැත්තෙකුට වර්තමානයේදී නියම කෙරෙන දඬුවම රුපියල් 1000කට නොවැඩි දඩයක් සහ / හෝ වසරකට නොවැඩි කාලයකට බන්ධනාගාරගත කිරීමකි.

මෙසේ දඩ මුදල් වැඩි කිරිමට අවශ්‍ය අවශ්‍ය සංශෝධන ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීමට අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.