ශලනි දිවිනසා ගන්නා තරමට මනසින් වෑට්ලා




කෙනෙකුගේ මරණය මාකර්ට් කරමින් තමන්ගේ බඩ වඩා ගන්නා තත්වයකට වර්තමානේ අපේ රටේ බාල ගනයේ වගකීමක් නොමැති ගොසිප් වේබ් අඩවි සහ යූ ටියුබ් චැනල් කරන අය අරගෙන ගිය පට්ට පල් බොරු ඔබ පසුගිය ටිකේම ඕනෑ තරම් දකින්නට ඇති.

මේ තත්වය මීට මාස කිහිපයකට පෙර පේරාදෙණියෙදී කෝච්චියට බෙල්ල තියා සිය දිවිනසා ගත් තරුණිය හා සම්බන්ධ සිදුවීමේදී මෙන්ම පසුගියදා සියදිවි නසා ගත් දසුන් නිශාන් ජනප්‍රිය නලුවාගේ මරණය විකිණීම හොඳාකාරවම අපි දැක්කා.

මෙවැනි බාල ගනයේ සිදුවීම් නිසා මානසිකව පීඩා විඳින්නේ ඒ මැරුනු අය නොව, මැරුණු අයගේ හිතවතුන්. එය ඔබට සිදුවුනොත් එහි මානසික පීඩනය කෙතරම්ද කියා ඔබට වැටහෙනු ඇත.

මේ පහතින් දැක්වෙන්නේ දසුන් නිශාන්ගේ මරණයත් සමග බාල ගනයේ ගොසිප් කරුවන් සහ යූ ටියුබ් චැනල් කරුවන් සමග එක්වුනු සමාජ ජාලා වනසන උදවියගේ විවිධ අසත්‍ය කරුණු නිසා ජනප්‍රිය නිළි ශලනි තරකා දැඩ් මානසික පිඩනයකින් ඉන්න බව ඔප්පු වෙන කෙටි පනිවිඩයක්.

එය අපි පහතින් ඔබට ඉදිරිපත් කරමු…