ගීතය හැදුවේ වික්ටර් මහත්මයාට නෙවෙයි. මගේ තාත්තට

අපි කව්රුත් දන්නවා ඉරාජ් ලඟදි වික්ටර් රත්නායක මහතාගේ ජිවිත කතාව පාදක කොටගෙන ‘දැනුනා’ කියලා ගීතයක් නිර්මාණය කර තිබුනා. මෙම ගීතය පළකිරීමත් සමග ඉරාජ්ට සමාජ මාධ්‍ය හා වෙබ් තුල ලැබුනේ හොඳ ප්‍රතිචාරයක් නම් නෙවෙයි. එයට හේතුව වෙන්නේ, වික්ටර් රත්නායක මහතා කියන්නේ ලංකාවේ සංගීත ක්ෂේශ්ත්‍රයට මහඟු මෙවරක් කල ශේෂ්ඨ ගායකයෙක්. එවන් උතුම් පුද්ගලයකුව, ඉරාජ් වැනි නවක ගායකක් විවේචනය කිරීමේ කිසිසේත්ම සාදරනිකරණය කල නොහැකීය.

කෙසේ නමුත් දිනෙන් දින ඇතිවූ සමාජ බලපෑම හේතුවෙන් ඉරාජ් අද(29) සවස ඔහුගේ පෞද්ගලික ගිණුමේ පල කර තිබු සටහන ඔහුගේ ගිණුමේ සිටින කෙනෙකු අපට මීට සුළුමොහොතකට කලින් ලබාදුන්නා. එහි සඳහන් වන්නේ ඔහු මෙම ගීතය සකසා ඇත්තේ වික්ටර් රත්නායක මහතාගේ ජීවිතය පාදක කොටගෙන නොව ඔහුගේ පියාගේ ජිවිත කතාව පිළිබඳව සඳහන් කරමින් බව.ඉරාජ් පසුගියදා එලි දක්වපු ගීතය දැනට ශ්‍රී ලංකාව තුල වැඩිම unlike වුන ගීතය බවටද පත්වී ඇත. කෙසේ නම්ටුහ් ඉරාජ් මෙහි සටහන් කරන පරිද්දෙන් මෙය නියත වශයෙන්ම ඉරාජ්ගේ පියාගේ ජිවිතේ කතාව හා බැඳී ගීතයක් නම් අපිට මේ ගැන කතා කිරීමට අයිතියක් නැහැ. නමුත් වික්ටර් රත්නායක මහතා මුලික කරගැනීම හේතුවෙන් ඔහුට දිගින් දිගට එල්ලවන බලපෑම් වලින් තමන්ව බේරාගැනීමට ඉරාජ් ඔහුගේ පියා ” ප්‍රිතිරාජ් වීරරත්න ” මහතාව විකුණනවා යැයි අපට සැකයක් ඇත. තමන්ව බේරා ගැනීමට තම දෙමව්පියන්ව පවා විකුණා දමන මෙවන් ගායකයන්ගේ ගමන තාවකාලික බව කිව යුතුයි.

ඔහු මෙය මුල් වරට පලකරන මොහොතේ එය ‘public’ පෝස්ටුවක් ලෙස පල කර තිබුනත්, එයට වැටුනු comments හා ‘ha ha’ reactions වලින් පසු ඔහු විසින් එය ‘friends only’ දමා ඇති බවට අපට මෙම screen-shot එක ලබාදුන් තරුණයා සඳහන් කලේය.