ශ්‍රී ලංකාවට 5-0 ක පරාජයක්

සත්කාරක ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන පස්වැනි හා අවසන් එක්දින තරගයෙන් කඩුළු 5 කක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය. පන්දුවාර 46.3 කදී ඔවුන්ගේ ජය සම්පූර්ණ වූ අතර ඉන්දීය ජයග්‍රහණයට පෙර අවසන් කඩුල්ල ලෙස කේදාර් ජදාව් ලකුනු 63 කට දැවී ගියේය.විරාත් කෝලි නොදැවී ලකුනු 110 ක් හා මහේන්ද්‍ර සිං දෝනි එක් ලකුණක් ලබා සිටියි.

මෙය ශ්‍රි ලංකාව . ශ්‍රී ලංකාවේදී තරග 5 කින් යුත් තරගාවලියකදී තරග 5-0 ක් ලෙස පරාජය වූ පළමු අවස්ථාව වේ.
ලසිත් මාලිංග, විශ්ව ප්‍රනාන්දු, මලින්ද පුෂ්ප කුමාර සහ වනිදු හසරංග අතරේ කඩුලු එක බැඟින් බෙදී ගියේය.

තරඟයේ වීරයා ඉන්දීය කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක බුවනේශ්වර් කුමාර්, තරඟාවලියේ වීරයා ජස්ප්‍රිට් බුම්රා දිනා ගත්තේය.