විස්සයි20 ජයත් ඉන්දියාවට

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර දීර්ඝ සංචාරය නිමාකරමින් පැවැති විස්සයි20 තරගයෙද් කඩුලු 7ක ජයක් ඉන්දීය කණ්ඩායම ලබාගත්තේය. ඒ අනුව ටෙස්ට් තරගාවලිය 3-0, එක්දින තරගාවලිය 5-0ක් හා විස්සයි20 තරගයද ඉන්දියාව ජයගත්තේය.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 170ක් රැස්කළ අතර එම ඉලක්කය කඩුලු තුනක් පමණක් වැය කර පසුකර යෑමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩිල්ෂාන් මුණවීරත්, ඉන්දියාව වෙනුවෙන් නායක විරාත් කෝලිත් පිත්තෙන් දක්ෂතා දැක්වීය. තරගය ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්විණ.