19 වැනිදා සිට GSP+ ක්‍රියාත්මකයි

ශ්‍රී ලංකාවට යළි ලබාදුන් ජී.එස්.පී. ප්ලස් සහනය මේ මස 19 වැනි දින සිට බල පැවැත්වෙන බව යුරෝපා සංගමය පවසයි.

යුරෝපා සංගමයේ ජී.එස්.පී. + සහනයට අදාළව ශ්‍රී ලංකාව හා මාලදිවයින පිළිබඳ නියෝජිත පිරිසේ ප්‍රධානියා වන තුන් ලායි මාර්ගු පවසා ඇත්තේ මේ සහනය ලංකාවට ලැබීමත් සමඟ වෙනත් රටවල් ශ්‍රී ලංකාවේ ආයෝජනයට හා වෙළෙඳ ගිවිසුම් සඳහා වැඩි වැඩියෙන් යොමුවනු ඇති බවයි.

මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට පමණක් නොව මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලටද මෙයින් වාසි අත්වන බවද හෙතෙම සඳහන් කරයි. ජී.එස්.පී. ප්ලස් සහනය ලබාදීමට පෙර මෙරට පැවැති මානව හිමිකම් තත්ත්වය සහ පුද්ගලයන් විවිධ වදහිංසාවලට ලක් කිරීම සම්බන්ධයෙන් වන චෝදනා පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු කෙරෙයි.

පැවැති එම තත්ත්වය බොහෝ දුරට යහපත් වී ඇති බවත්, එය ඉදිරියට වර්ධනය කර ගත යුතු බවට අවධානය යොමු කිරීමත් පදනම් කර ගනිමින් ජී.එස්.පී. ප්ලස් බදු සහනය ලබාදීමට තීරණය කළ බවද යුරෝපා කොමිසම පවසයි.