විමල් වීරවංශට උණ

බන්ධනාගාර ගතව දැනට කොළඹ ජාතික රෝහලේ නේවාසිකව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට තදබල උණරෝගී තත්ත්වයක්‌ හට ගෙන ඇතැයි ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය සිරිල් ද සිල්වා මහතා පැවසීය.

එම රෝගී තත්ත්වය හේතුවෙන් ඊයේ (03 දා) මන්ත්‍රීවරයාට අධිකරණය හමුවේ පෙනී සිටීමටද නොහැකි විය.

උපවාසය අවසන් කළ මන්ත්‍රීවරයා ඝන ආහාර ගැනීම ආරම්භ කළ නිසා නැවත බන්ධනාගාර රෝහල වෙත යොමු කරන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් කළ ඉල්ලීම ජාතික රෝහලේ වෛද්‍යවරුන් විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබුයේ මන්ත්‍රීවරයාගේ උණ රෝග තත්ත්වය උත්සන්න වීම හේතුවෙනි.

බන්ධනාගාරයේදී මන්ත්‍රීවරයාගේ ශරීරයට කැනියුලාව ඇතුළු කරන ලද ස්‌ථානයෙන් විෂ බීජයක්‌ ශරීරගත වී ඇතැයි හෙළි වූ බව රෝහල් නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා කීය.

උණ රෝගී තත්ත්වයට හේතුව මන්ත්‍රීවරයාගේ පෙනහැල්ලේ ආසාදනයක්‌ ඇති වී තිබීම බව හෙළි වී නැතැයිද හෙතෙම වැඩිදුරටත් කීය.