වෙසක් ‍පෝය දෙකකින් මේ ආණ්ඩුව පෙරළනවා

තව වෙසක් ‍පෝය දෙකකින් අපි මේ ආණ්ඩුව පෙරලනවා යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය.

හිටපු ජනපතිවරයා මේ බව කියා සිටියේ දෙහිවල එස්.ද එස්.ජයසිංහ ශාලාවේ පෙරේදා (02) පැවති “රට සුරකින මහ පවුර” නියෝජිත සම්මේලනයට එක්වෙමිනි.
එහිදී හිටපු ජනාධිපතිවරයා මෙසේද කීවේය.

“හැම මනුස්සයාටම බඩගින්න ගැන කතා කරන්න වෙලා. ‍පොල් බෑය ගැනත් කතා කරන්න වෙලා. ‍පොල් ගෙඩිය සීයයි. මේ තත්ත්වය තුළ ජනතාව මැයි දිනයට ඒකරාශී විය යුතුයි. අපේ සටන මෙතැනින් නතර වෙන්නේ නෑ. මේ අය අහනවා මේ අවුරුද්දේ මේ ආණ්ඩුව පෙරළනවාද කියලා. පෙරළන්න පුළුවන් නම් අපි පෙරළනවා.

පෙරළන්නේ නැතිව ඉන්නේ නැහැ. හැම මහන්සියක්ම ගන්නවා. ඒ බැරි වුණොත් ඊළඟ අවුරුද්දේ ඒක කරනවා. වෙසක් ‍පෝය, මේ ‍පෝය ඇරුණහම තව ‍පෝයයි. වැඩිම වුණොත් මැතිවරණය එන්න ඕන. මේ යන්නේ තුන්වැනි අවුරුද්ද. අවුරුදු පහෙන් ඉවරයි. මේ ආණ්ඩුව ආවට පස්සේ ලෝක ගෝ‍ලේ ඉක්මනින් කැරකෙනවා වගෙයි.” යැයි පැවසීය.