ගිය මාස දෙකට රිය අනතුරු නිසා 250ක් මැරිලා

ගෙවී ගිය මාස දෙකේදී සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් 250 දෙනකු මියගොස් ඇති බව මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි. මේ අනුව දිනකට රිය අනතුරුවලින් සිදුවන මරණ සංඛ්‍යාව අටකි.

අධික වේගය, බීමත්ව රිය පැදවීම සහ නින්දයෑම අනතුරු බොහෝමයකට හේතුවී ඇති බව පැවැසූ එම සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා සඳහන් කෙළේ බර වාහනවල තිරිංග පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීමද ඊට හේතුවී ඇති බවයි.

ඉතා වේගයෙන් ඉහළ යන මේ රිය අනතුරු සම්බන්ධයෙන් මේ වන විට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවද විශේෂ අවධානයක් යොමු කර ඇති බව කෝදාගොඩ මහතා පැවැසීය.