හෙට (24) පෙට්‍රල් ෂෙඩ් වර්ජනයක් ?

අද මධ්‍යම රාත්‍රියේ සිට ඇරඹීමට නියමිත බව පැවසෙන ලංකා ඛණිජ තෙල් සංස්ථා සේවක වැඩ වර්ජනයක් නිසා හෙට සිට දිවයින පුරා ඉන්ධන හිඟයක් ඇති විය හැකි බව පැතිර යන ආරංචි මුල් කොට අද පස්වරුවේ සිට දිවයිනේ ඇතැම් නාගරික ඉන්ධන පිරවුම්හල් වල තරමක රථවාහන පෝලීම් දැකිය හැකි බව වාර්තා වේ.

දැනට ලංකා ඛණිජ තෙල් සංස්ථාව සතු ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි අයි.ඕ.සී ඉන්දියානු සමාගමෙන් ඉවත් කර ගැනීම සහ හම්බන්තොට තෙල් පහසුකම් චීනයට පැවරීමට රජය ගෙන ඇති ක්‍රියා මාර්ග නතර කිරීම ඇතුළු තවත් ඉල්ලීමක් මුල් කොට මෙම වැඩ වර්ජනය සංවිධානය කළ බව ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු බන්දුල සමන් කුමාර මහතා කියයි.

එහෙත් ඛණිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා කියා සිටිනුයේ හෙට පෙරවරු 9ට ලංකා ඛණිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති නියෝජිතයන් තමන් හා සාකච්ඡාවකට කැඳවා ඇති බවත් එහිදී කිසියම් සම්මුතියකට පැමිණීමට අදහස් කරන බැවින් ඉදිරි දිනවල එවන් ඉන්ධන හිඟයක් ඇතිවීමට ඉඩක් නොමැති බවය.

දමයන්ති ගමගේ