සර්පයෙක් ආහාරයට ගන්නා මැඩියෙක්!


ඔබ මෙතෙක් කලක් දැක ඇත්තේ මැඩියන් ආහාරයට ගන්නා සර්පයින් වෙන්නට පුළුවන්. නමුත් සර්පයින් ආහාරයට ගන්නා මැඩියනුත් ඉන්නා බව දැන් නම් ඔබට පිළිගැනීමට සිදුවෙනවා.

එංගලන්තේ ක්වීන්ලන්ඩ් ප්‍රාන්තයෙන් මෙම අපූරු සිදුවීම වාර්තා වී තිබුණා. එක් රාත්‍රියක ක්වීන්ස්ලන්ඩ්හි ගෙවත්තක සිටිනා මැඩියෙකු සර්පයෙකු ආහාරයට ගන්නා ඡායාරූප කිහිපයක් මේ වන විට අන්තර්ජාලය පුරා මහත් ආන්දෝලනයකට ලක්ව තිබෙනවා.

මෙම මැඩියා නිවසේ ගෙවත්තේ නිතර ගැවසෙන කොළ මැඩියෙකු වෙන අතර නිවෙස් හිමිකරුවන් පවසන්නේ මීට පෙර කිසිඳු අවස්ථාවක තමන්ට මෙවැනි දර්ශනයක් දැක ගැනීමට නොහැකිවී ඇති බවයි.