නාමල්ට රට යන්න අවසර

පසුගිය ආණ්ඩුව විසින් සිදුකරන ලද ක්‍රිෂ්් ගනුදෙනුව සම්බන්ධයෙන් විත්තිකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතාට ක්‍රීඩා කටයුත්තක් සඳහා විදේශගත වීමට කොටුව මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ (13දා) අවසර ලබා දුන්නාය.

සැකකාර මන්ත්‍රිවරයා නිසි පරිදි අධිකරණයේ පෙනී සිටීම සලකා බලා විදේශගත වීමට අවසර ලබාදෙන බවද කොටුව මහෙස්ත්‍රාත්වරිය දන්වා සිටි අතර නඩුවට ලබන 20දා සහභාගි විය යුතු බවද දන්්වා සිටියාය.
මෝසමක් මඟින් විදේශගත වීමට අවසර ලබාදෙන ලෙස නාමල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපති නීතිඥවරයෙක් මඟින් අධිකරණයෙන් ඉල්ලීමක් කරනු ලැබූ අතර ඔහු මෝසම් පත්‍රයේ සඳහන් කර තිබුණේ වියට්නාමයේ පැවැත්වෙන ආසියා නීතිඥවරුන්ගේ පාපන්දු තරගාවලියට සහභාගි වීම සඳහා ලබන 22දා සිට 29දා දක්වා විදේශගත වීමට අවසර ලබාදෙන ලෙසයි.