කතානායකතුමනි ඉල්ලා අස්වෙන්න

කථානායක කරු ජයසූරිය මහතා නොමැති ස්ථානවලදී ආණ්ඩුවේ මැතිඇමතිවරුන් අසභ්‍ය වචනයෙන් ඔහුට බැනවදින බව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඊයේ (13දා) පැවසීය

මේ වනවිට කථානායක ධුරයේ ගෞරවය කෙලසී ගොස් ඇති බැවින් තමන්ගේ ගෞරවය සහ කථානායක ධුරයේ ගෞරවය ආරක්ෂා කරමින් ඉවත් වන්නැයි කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටින බවද ගම්මන්පිල මහතා පවසා සිටියේය.

කරු ජයසූරිය මහතා මීට පෙර අවස්ථා ගණනාවකදී රනිල් වික්‍රමසිංහ එරෙහිව කටයුතු කර ඇති නිසා මේ වනවිට කථානායකවරයා අසරණ කර පළිගනිමින් සිටින බවද ඒ මහතා පවසා සිටියේය.

පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පසුගිය සතිය පුරා කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුව තුළ කටයුතු කළේ එක්සත් ජාතික පක්ෂයේ උවමනාවට අනුව බවයි.