හාල් පිළිබඳව රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් වී තිබියදී පාර්ලිමේන්තු කැන්ටිමට සුපිරි කෑම ලැයිස්‌තුවක් ඉදිරිපත් කළ දේශපාලනඥයකු පිළිබඳ කතාබහට ලක් වී ඇතැයි සමාජ සුබසාධන නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා (30 දා) පැවැසීය.
මෙම දේශපාලනඥයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කෑම වට්‌ටෝරුවේ ජපානයේ සුෂියා (මාළු) බේකන්, ඌරුමස් සහ තවත් ආහාර වර්ග අඩංගු වී ඇති අතර මුස්‌ලිම් ජාතික මන්ත්‍රීවරයකුගේ විරෝධතාවයක් මත මෙම කෑම ලැයිස්‌තුවෙන් ඌරුමස් ප්‍රතික්‍ෂේප වූ බව ද නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා වැඩිදුරටත් පැවැසීය.