පාඨලී වන්දි ඉල්ලයි

දූෂණ විරෝධී හඞ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතාගෙන් වන්දියක් ඉල්ලා මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

වසන්ත සමරසිංහ මහතා විසින් පුවත්පතකට ලබාදුන් ප්‍රකාශයකට අදාළව මෙම නඩුව ගොනුකර ඇති බව සඳහන් වේ.

ගල් අඟුරු වංචාවකට පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා සම්බන්ධ බවට වසන්ත සමරසිංහ මහතා පුවත්පතකට ප්‍රකාශයක් සිදුකර තිබූ බව වාර්තා වේ.

එම ප්‍රකාශය තුළින් තමාගේ කීර්ති නාමයට හානියක් සිදුවූ බව පවසමින් පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා රුපියල් කෝටි 100ක වන්දියක් ඉල්ලමින් මෙම නඩුව පවරා ඇති බව අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.