බොරු බෝම්බ ඔත්තුව දුන් තරුණිය අත්අඩංගුවට

පොලිසියට බොරු දුරකතන ඇමැතුමක් ලබාදුන් බව කියන තරුණිය මීට මද වේලාවකට පෙර අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අදාළ තරුණිය විසින් පසුගියදා කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වන රාති‍්‍ර තැපැල් දුම්රියේ බෝම්බයක් ඇති බවට දුරකතන ඇමතුමක් ලබා දීමෙන් පසු කැළඹීමක් සිදුවිය.

කඩවත පදිංචි තරුණියක වන ඇය පෙම්වතා සමග ඇති වු අමනාපයක් මත මෙය සිදුකර ඇති බව ද පොලිසිය පවසයි.සැකකාරිය අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.