උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

2016 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

මෙවර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයන් දෙලක්ෂ 63,550 දෙනෙකු පෙනී සිටියා.

මේ අතර, විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද දින සියලු පාසල් වෙත ප්‍රතිඵල ලේඛන තැපැල් මගින් යැවීමට කටයුතු කරන බවයි.

එමෙන්ම පෞද්ගලික අයඳුම්කරුවන් ඔවුන්ගේ ප්‍රතිඵල පෞද්ගලික ලිපිනයන් වෙත ඉදිරියේදී තැපැල් කිරීමට නියමිතයි.

http://www.doenets.lk/result/alexamresult.jsf