ඇමැති ධුරයෙන් පියංකර අස්‌වෙයි

පළාත් පාලන හා පළාත් සභා වැඩබලන ඇමැති පියංකර ජයරත්න මහතා සිය ඇමැති ධුරයෙන් ඊයේ (30 වැනිදා) ඉල්ලා අස්‌විය.

ජයරත්න මහතා සිය ඉල්ලා අස්‌වීමේ ලිපිය ඊයේ (30 දා) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට භාර දුන්නේය.කෙසේ නමුත් මේ වන විට එම ඉල්ලා අස්වීම ජනපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇති බවට වාර්තා වෙයි.

ආණ්‌ඩුවේ ඇමැතිධුරයෙන් ඉවත් වන ලෙස දිස්‌ත්‍රික්‌කයේ පළාත් පාලන නියෝජිතයන් හා පාක්‌ෂිකයන් දිගින් දිගටම ඉල්ලීම් කරන බවත් එම ඉල්ලීමට සවන් දෙමින් මෙලෙස ඉල්ලා අස්‌වූ බවත් ලිපියේ සඳහන් කර ඇත.

ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌වූවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තවදුරටත් කටයුතු කරන බවද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ ආණ්‌ඩුවක ඇමැතිධුරයක්‌ ලබා ගන්නා තෙක්‌ වෙනත් කිසිදු ඇමැතිධුරයක්‌ ලබා නොගන්නා බවද එහි සඳහන් කර ඇතැයි වාර්තා වෙයි.

ප්‍රියංකර ජයරත්න මහතා යහපාලන ආණ්‌ඩුවේ බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ රාජ්‍ය ඇමැති ලෙස මුලින් කටයුතු කළ අතර පසුව පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය ඇමැතිධුරයට පත්විය.

මේ පිළිබඳව විස්‌තර දැන ගැනීමට ප්‍රියංකර ජයරත්න මහතා දුරකථනයෙන් සම්බන්ධකර ගැනීමට උත්සාහ කළද එය ව්‍යවර්ථ විය.