විමල්ට වාහන 7යි - චක්ගෝලයන්ට 51යි

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් අවභාවිත කරන ලද වාහන සංඛ්‍යාව 58ක් බව මේ වන විට හෙළි වී ඇත. මෙයින් වාහන 7ක් ජනාධිපති කාර්යාලය විසින් කුලී පදනම මත ලබා ගෙන ජාතික නිදහස් පෙරමුණට ලබා දී ඇති අතර, එම වාහන 7ම ‍විමල් වීරවංශ මහතා විසින් පෞද්ගලික පරිහරණයට යොදා ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි දැනගන්නට තිබේ. මේ සම්බන්ධව විස්තර ඇති ලිපි ගොනු දෙකක් ජනාධිපති කාර්යාලයේදී අස්ථානගතව ඇති අතර, එයින් එක් ලිපි ගොනුවකින් මේ සම්බන්ධව විස්තර ලබා ගෙන ඇත.

මේ වාහන 7 සඳහා පමණක් රුපියල් 15951564.00 ක් රජයේ මුදලින් ගෙවා ඇත. එම වාහන7 භාවිත කර ඇත්තේ විමල් වීරවංශගේ සමීපතම මිතුරන් විසින් බව මේ වන විට පරීක්ෂණ කණ්ඩායම් විසින් අනාවරණය කරගෙන ඇති බව ද දැන ගන්නට ඇත. ඒ යටතේ KT - 5335 ( සරත් වීරවංශ), KO -1375 (ප්‍රියන්ජිත්), PB - 0645 (නිමල් ප්‍රේමවංශ), PE - 6432(කොඩිතුවක්කු), JP - 4312 (ප්‍රියන්ත බෙල්ලන) , KO - 9480 ( මොහොමඩ් මුසම්මිල්) , KO - 9416 (පද්ම උදයශාන්ත) යන අය විසින් භාවිත කර ඇත.

ඊට අමතරව ඉංජිනේරු සංස්ථාවට කුලී පදනම මත වාහන ලබාගත් වාහන 51ක් අවභාවිත කරමින් රජයට රුපියල් මිලියන 41ක අලාභයක් සිදු කර ඇත. එම වාහන 51න් 40ක් ස්ථිර භාවිතයේ යොදවා ගෙන ඇති අතර එම වාහන භාවිත කළ අය අමාත්‍යාංශයට කිසිදු හෝ සම්බන්ධයක් නොමැති අය බව ද වාර්තා වේ.

ඒ අනුව සංජිව තෙන්නකෝන් (KK- 8941) ඒ. එන්. එස්. මෙන්ඩිස් (KP -3768) යන අයට මෙන්ම ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමිට වරින් වර වාහන 6ක් සපයා ඇත. එම වාහන අතර KP - 4802, HO - 6514. HN - 2194, JS - 9725, PD - 2563, CAC - 3327 යන වාහන අැතුළත් අතර සද්ධාතිස්ස හිමිගේ වාහන සඳහා පමණක් මසකට රුපියල් 38000ක් සහ රුපියල් 45000ක් බැගින් මුදල් ගෙවා ඇත.

මේ වාහන අවභාවිතය නිසා රජයට සිදුව ඇති පාඩුව ලක්ෂ 600කට ආසන්න බවද දැන ගන්නට තිබේ.