හාල් පොල් මාළු ගිනි ගණන්

හාල් හා පොල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යැමත් සමඟ පාරිභෝගිකයෝ මහත් අසරණ තත්ත්වයට පත්වී සිටිති.

කැකුළු හාල් කිලෝවක මිල රුපියල් 80 ක්‌ රුපියල් 90ත් අතර වෙළෙඳ සල්වල අලෙවියට තබා ඇති අතර පොල් ගෙඩියක මිල රුපියල් 60 ඉක්‌මවා ඉහළ ගොස්‌ ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


හාල් මිල ඉහළ යැම පාලනය කිරීමට වී ගබඩාවල තැන්පත් කර ඇති වී තොග වී මෝල් හිsමියන් වෙත මුදා හැරීමට පියවර ගෙන ඇතැයි ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය පවසයි.

මාළු මිලද මේ දිනවල ශීඝ්‍රයෙන් ඉහළ ගොස්‌ ඇතැයි ද උත්සව සමයේ ධීවරයන් මුහුදු යැමෙන් වැළකී ඇතැයිද ධීවර බෝට්‌ටු හිමියෝ පවසති.

ඇටවල්ලා, කෙලවල්ලා, යනාදී මාළුවල මිල ඉහළ ගොස්‌ ඇති ඇති අතර මාළු ග්‍රෑම් 500 ක මිල රුපියල් 500 ක්‌ 600 ත් අතර දක්‌වා ඉහළ නැග ඇතැයිද පාරිභෝගිකයෝ පවසති.