නත්තල් ගස්‌ හදනවාට විරුද්ධ නෑ

ගාලු මුවදොර ඉදිකෙරෙන යෝධ නත්තල් ගසට තමා මුලින්ම විරුද්ධ වූයේ ඊට මිලියන 200 ක්‌ වියදම් වන බවට කර තිබූ ප්‍රචාරය නිසා බවද දැන් බැලීමේදී ඊට වියදම් වන්නේ මිලියන 12 ක්‌ පමණ යෑයිද මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා ඊයේ (12 දා) ප්‍රකාශ කළේය.

කාදිනල්තුමා වැඩිදුරටත් මෙසේද පැවැසීය. නත්තල් ගස්‌ ඕනෑ තැනක ඕනෑම කෙනෙකුට හදන්න පුළුවන්. ඒත් රජයේ මුදල් විශාල අන්දමින් වියදම් කර නත්තල් ගසක්‌ ඉදිකරනවානම් ඊට විරුද්ධ නොවී බැහැ.

මේ සඳහා වැයකරන විශාල මුදල දිළින්දන් වෙනුවෙන් වැය කරනවානම් ඉතා වැදගත්. මහජන මුදල් නාස්‌ති නොකර ඕනෑම තැනක ඕනෑම කෙනෙකු නත්තල් ගස්‌ හැදුවාට මං විරුද්ධ නැහැ. අගමැති රනිල් වික්‍රමසිංහ හා මුදල් ඇමැති රවි කරුණානායක මහත්වරුන් පෞද්ගලික මා හමුවී මෙම නත්තල් ගස පිළිබඳව කතාබහ කර එකඟතාවකට පත්වුණා.