91දෙනෙකු සමඟ ගුවන් යානයක් කඩා වැටෙයි

මගීන් 91දෙනෙකු සමඟ අතුරුදන්වූ රුසියාවට අයත් ගුවන්යානය කළු මුහුදට කඩාවැටී ඇති බව රුසියානු මාධ්‍ය වර්තා කරනවා.

යානය පිටත්වී සුලු මොහොතකටය පසු එය රේඩාර් පද්ධතියෙන් අතුරුදන්වී ඇති බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ.
අතුරුදන්වූ ගුවන් යානය රුසියානු ආරක්ෂක අමාත්‍යංශයට අයත් එකක් බවට නිල නොලත් වාර්තා මගින් ප්‍රකාශවී තිබෙනවා.එය සිරියාව දක්වා ගමන් කරමින් තිබු එකක් බව ද එම වාර්තාවල සඳහන්.