ජයලලිතා අත්වලින් කතා කරයි

තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතාට හස්‌ත සංඥවලින් කරුණු දැක්‌වීමට හැකිවී ඇතැයි වාර්තා වේ.

එහෙත් ඇයට කතා කිරීමට හැකියාව කවදා ලැබේදැයි කිව නොහැකි බව වෛද්‍යවරු පවසති. ජයලලිතාට සෙත්පතා විශාල පිරිසක්‌ චෙන්නායිහි ඇපලෝ රෝහල අසල පුද පූජා පවත්වන බව ද අනාවරණය වී ඇත.පසුගිය සැප්තැම්බර් 16 දා ඇපලෝ රෝහලට ඇතුළුවූ ජයලලිතාගේ රෝගී තත්ත්වය මේ දක්‌වා හෙළිවී නැත.