
පෑලියගොඩ පොලිසිය කළ ඉල්ලීමකට අනුව මෙලෙස නියම කෙළේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ, මහින්දානන්ද අලුත්ගමගේ, ලොහාන් රත්වත්තේ, උදය ගම්මන්පිල, ප්‍රසන්න රණතුංග, කනක හේරත්, ප්‍රසන්න රණවීර සහ අමිල කුමාරසිංහ යන මහත්වරුන්ටය.
අද (1දා) දින කිරිබත්ගොඩ දෙස සිට කොළඹ දක්වා ගමන් කිරීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව අත්හිටුවීමට නියෝගයක් ලබා දෙන ලෙසට පෑලියගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් පුෂ්පකුමාර මහතා කළ ඉල්ලීමකට අනුමැතිය ලබාදීම ප්‍රතික්ෂේප කරමින් එලෙස නියම කළ මහෙස්ත්‍රාත්වරිය සාමය කඩ වන අන්දමේ හෝ දේපළවලට හානිවන අන්දමේ යම් සිදුවීමක් වුවහොත් ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස පොලිසියට නියෝග කළාය.