රජයේ නිලධාරීන්ට වාහන බලපත්‍ර

රාජ්‍ය නිලධාරීන්ට වටිනාකම ඇමෙරිකන් ඩොලර් තිස් දාහක උපරිමයකට යටත්ව සහනදායි පදනම මත මෝටර් රථ බලපත්‍ර නිකුත් කිරීමට රජය යළිත් තීරණය කර තිබේ.බලපත්‍රයේ වටිනාකම සඳහා ගෙවිය යුතු මුළු බද්දෙන් සියයට පනහක බදු සහනයක්ද හිමිවේ.

නිලධාරියකුට ලබා ගත හැකි උපරිම බලපත්‍ර සංඛ්‍යාව දෙකකි. මීට පෙර මෝටර් රථ බලපත්‍ර දෙකක් හෝ ඊට වැඩි ගණනක් ලබා දී ඇති නිලධාරීන්ට මේ වරප්‍රසාදය හිමි නැත. පළමු බලපත්‍රය ලබාගත් පසුව දෙවැනි බලපත්‍රයේ හිමිකම වසර දහයකින් පසුව හිමිවෙයි.

රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත ආයතනවල විධායක ශේ‍ර්ණියේ නිලධාරීන්, වෛද්‍යවරුන්, නීතිඥවරුන්, විශ්වවිද්‍යාල කුලපතිවරුන්, ආචාර්යවරුන්, අනධ්‍යයන කාර්ය මණ්ඩල විධායක ශේ‍ර්ණි ගත නිලධාරීහු සහනදායි මෝටර් රථ බලපත්‍රය ලබාගැනීමේ සුදුස්සෝ වෙති. මීට අදාළ උපදෙස් සහිත අංක 01/2016 දරන චක්‍රලේඛය ඉකුත් 16 වැනිදා නිකුත් කර තිබේ.