ඇඹිලිපිටිය හිටපු ASP යළි සේවයට

සත්‍ය කෙදිනකවත් යටපත් වෙන්නේ නැතැයි ඇඹිලිපිටිය තරුණයාගේ මරණය සම්බන්ධව සැකපිට රිමාන්ඩ් භාරයේ පසුවී යළිත් පොලිස්‌ සේවයට එක්‌වූ සහකාර පොලිස්‌ අධිකාරි ඩී. ඩබ්ලිව්. ධර්මරත්න මහතා ඊයේ (9 දා) ප්‍රකාශ කළේය.

එමෙන්ම නීතිය හැම කෙනෙකුගේම අතට ගත නොහැකි යෑයිද පැවසූ සහකාර පොලිස්‌ අධිකාරිවරයා මේ පිළිබඳව අධිකරණයේ නඩුවක්‌ පැවැත්වෙන නිසා ඉන් එහා කිසිවක්‌ කීමට නොහැකි බවද කීය.තමා යළිත් අද හෝ හෙට සහකාර පොලිස්‌ අධිකාරිවරයකු ලෙස රාජකාරිය භාර ගන්නා බවද කීය.