ලයිකා මොබයිල් බදු වංචාවක

lyca
බදු වංචා කිරීමේ සිද්ධියක්‌ මත ශ්‍රී ලංකාවේ උපන් අල්ලි රාජා ප්‍රබාස්‌කරන් නමැත්තා සතු ලයිකාමොබයිල් ආයතනයේ ප්‍රංශ කාර්යාලය වැටලූ ප්‍රංශ පොලිසිය 19 ක්‌ අත්අඩංගුවට ගෙන ඇත.

බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතාගේ කොන්සර්වර්ටිව් පක්‍ෂයට ස්‌ටර්ලින් පවුම් මිලියන 2.2 ක පරිත්‍යාගයක්‌ කිරීමටද ඔහු ක්‍රියා කර තිබුණි.

මුළු යුරෝපය පුරා සිම්කාඩ් අලෙවි කිරීමේ දැවැන්ත ව්‍යාපාරයක්‌ මෙහෙයවන අල්ලි රාජා, බ්‍රිතාන්‍ය අගමැති කැමරන් සමඟ දැඩි සබඳකම් පවත්වන්නකු යෑයිද හෙළි වී ඇත.

පසුගිය රජය සමයේ ඔහු මෙරටට පැමිණ මෙරට ආයෝජන කිරීමේ ක්‍රියාදාමයන් ගැන විමර්ශනය කර තිබූ බවද ආරංචි මාර්ග පවසයි.