සිසුවියට විද්‍යා ගුරුවරයා අතවර කරලා

abused
යාපනය කොඩිකාමම් විද්‍යාලයක 6 වැනි ශ්‍රේණියේ සිසුවියකට එහි විද්‍යා ගුරුවරයකු අතවරයක්‌ කළැයි කියන සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් එම විද්‍යාලයේ විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පතිනිය, ගුරුවරියන් දෙදෙනකු හා අතවර කළැයි කියන ගුරුවරයා ඊයේ (21 වැනිදා) චාවකච්ෙච්රි මහෙස්‌ත්‍රාත් ශ්‍රී නිධි නන්දසේකරන් මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ජුලි මස 01 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූහ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විදුහල්පතිවරයා, නියෝජ්‍ය විදුහල්පතිනිය සහ ගුරුවරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම අතවර සිද්ධිය යට ගසමින් නිසි පරීක්‌ෂණ සිදු නොකිරීම හේතුවෙන් බව කොඩිකාමම් පොලිසිය කියයි.

සැකකාර විද්‍යා ගුරුවරයා තාවකාලික පදනම මත සේවය කරන අයකු බවත් ඔහු විවාහක දරුවන් සිටින අයකු බවත් පොලිසිය පවසයි.

සැකකරු අතවරයට ලක්‌වූ සිසුවිය ඇතුළු සිසුවියන් පස්‌දෙනකුට සවස අමතර ඉංග්‍රීසි පන්ති පවත්වා ඇත්තේ ඔවුන් ඉංග්‍රීසි විෂයට දුර්වල බව පවසමිනි. සිසුවියන් හතර දෙනකු පිටව ගිය පසු එක්‌ දැරියකට අතවර කර ඇත.

දින දෙක තුනක්‌ මෙම අතවරය සිදුවෙද්දී අයකු මෙය දැක විදුහලේ ආරක්‌ෂක නිලධාරියාට දැනුම්දීමෙන් පසු ආරක්‌ෂක නිලධාරියා මෙම සිද්ධිය විදුහල්පතිවරයාට දැනුම් දී ඇතත් ඔහු ඒ ගැන කිසිදු තැකීමක්‌ කර නැත. මෙම අතවරය ගැන සිසුවිය තම මිතුරියන්ටද පවසා ඇති අතර, ඔවුන් විදුහල්පති හමුවට ගොස්‌ මේ බව කියා ඇතත් විදුහල්පතිවරයා කිසිදු තැකීමක්‌ කර නැත.

පසුව එම සිසුවියන්ගෙන් එක්‌ අයෙකුගේ පියකු අතවරයට ලක්‌වූ සිසුවියගේ පියාට මේ සිද්ධිය කියා තිබේ. අනතුරුව එම පියා මේ ගැන විදුහල්පතිවරයාට පැමිණිලි කිරීමට යැමේදී ඔහු ඒ ගැන සැලකිල්ලක්‌ නොදැක්‌වීම නිසා ඔහු මේ ගැන ජාතික ළමාරක්‌ෂක අධිකාරියේ 1929 ට දැනුම් දී තිබේ. එම අධිකාරිය මේ ගැන කොඩිකාමම් පොලිසියට කළ දැනුම් දීමකට අනුව විමර්ශන සිදුකර සැකකාර ගුරුවරයා ඇතුළු පස්‌දෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අතවරයට ලක්‌වූ 11 හැවිරිදි සිසුවිය වෛද්‍ය පරීකෂණයක්‌ සඳහා යාපනය ශික්‌ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.