යොහානි ‘ගෝල්ඩන් වීසා’ සම්මාන ලබයි

ශ්‍රී ලංකා යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා, ඩුබායිහි ‘ගෝල්ඩන් වීසා’ සම්මාන හිමිකරගත්තාය. කලා, සංස්කෘතිය සහ විනෝදාස්වාදය ඇතුළු විවිධ ක්ෂේත්‍ර සඳහා දායකත්වයක් දුන් පුද්ගලයන්ට ඩුබායිහි බලධාරීන් පිරිනමන ගෞරවනීය සම්මානය ‘ගෝල්ඩන් වීසා’ ලෙස හදුන්වයි.

ජනාධිපති රනිල්ට සැලියුට් කරනවා - කළණ ගුණසේකර


අර්බුදයට ගොස් තිබූ රට මේ ආකාරයෙන් හෝ වැටෙන්න නොදී අල්ලා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමන් සැලියුට් කරන බව රංගන ශිල්පී කළණ ගුණසේකර මහතා සඳහන් කරයි. රනිල් වික්‍රමසිංහ වැනි නායකයෙක් තවත් ලොව කොහේ හෝ තමන් දැක නැති බව ද හෙතෙම කියයි. මෙතරම් ඉවසීමේ ගුණයක් සහිත නායකයෙක් වීම ගැන ද තමන් ඔහුට ගරු කරන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

මෝටිවේෂන් අප්පච්චි බැඳලා!!

දැක්ක ගමන් මොකද්ද ඔනට මතක් වුණේ.. ඔව් ඔව් මේ එයා තමයි. එකපාරටම දැකලා අදුනගන්න පුළුවන් වුණා නේද...? මෝටිවේෂන් අප්පච්චි ඇත්තටම මේ බැඳලාවත් ද...? බලන්නකෝ මේ ෆොටෝ

ගෝඨා ගෙවල් මාරු කරයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මලලසේකර මාවතේ පිහිටි වාසය කරමින් සිටි නිවස අතහැර
ස්ටැන්මෝර් ක්‍රෙසන්ට් හි පිහිටි රජයේ නිල බංගලාවක නවාතැන් ගෙන ඇතැයි වාර්තාවේ.

නව බංගලාව මීට පෙර ඔහුගේ සොහොයුරා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පදිංචිව සිටි තැනක් හා  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ගුවන් හමුදාපතිවරයාගේ නිල නිවාසවලට යාබදව කීර්තිමත් ස්ථානයක් පිහිටියකි.ංගලාව වෙන් කිරීම සඳහා රජයේ ප්‍රධානීන් හා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රිගේ කැමැත්ත ලබා ගැනීම අවශ්‍ය වූ අතර එය මුලින් විදේශ කටයුතු අමාත්‍යවරයාට පවරා තිබුණි. ඊට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමෙන් පසු එම නිවස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පරිහරණය සඳහා නිදහස් කර ඇත.

රජිනිකාන්ත්ට ලංකාවට එන්න ආරාධනා

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස දකුණු ඉන්දියාවේ ලෝක ප්‍රකට නළුවෙකු වන ‘සුපර් ස්ටාර්’ රජිනිකාන්ත්ට ශ්‍රී ලංකාව ආරාධනා කර තිබේ. ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් ඩී. වෙන්කේෂ්වරන් මහතා රජිනිකාන්ත් මහතාගේ නිවසට ගොස් මෙම ආරාධනාව කර තිබේ. ශ්‍රී ලංකාවට පමණක් සීමා වූ 'රාමායණ මංපෙත' සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් සුවිශේෂී බෞද්ධ ස්ථාන ගවේෂණය කරන ලෙස නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා රජිනිකාන්ත් වෙත ආරාධනා කළේය.