ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු තානාපතිනිය ගෙදර යයි

ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව ගෙන ඒමේ ක්‍රියාවලියට සහාය දැක්‌ වූ ස්‌විස්‌ටර්ලන්තයේ ඇමරිකානු තානාපති සුසැන් ලෙවිනේ ජනවාරි 20 දා සිට සිය ධුරයෙන් ඉල්ලා අස්‌වීම නිසා ඊළාම් ඩයස්‌පෝරාව සහ මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් මහතා දැඩි අර්බුදයකට ලක්‌ වී ඇත.

ඇමරිකානු තානාපතිනිය ඉල්ලා අස්‌වන බව එම ප්‍රකාශකර ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් නව ඇමරිකානු ජනපති ලෙස දිවුරුම් දෙන දිනයේදී බව ජිනීවා ආරංචි මාර්ග පවසයි.

ගාලු මුවදොර යෝධ නත්තල් ගසට විරෝධය

ළඟ එන නත්තල් උත්සවය නිමිත්තෙන් රුපියල් කෝටි ගණනක්‌ වැය කර අමාත්‍යාංශයක්‌ මැදිහත් වී කොළඹ ගාලු මුවදොර ඉදිකෙරෙන යෝධ "නත්තල් ගස" පිළිබඳව කතෝලික සභාවේ විරෝධය එල්ල වී ඇත.

කොළඹ අගරදගුරු මැඳුරේදී ඊයේ (6 දා) පැවැති පුවත්පත් සාකච්ඡාවකදී මෙම විරෝධතාව පිළිබඳව හෙළි විය.

ලංගමට අලුතින් බස්‌ රථ 1250 ක්‌

ශ්‍රී ලංකා ගමනාගමන මණ්‌ඩලය සඳහා ලබන වසරේදී අලුතින් බස්‌ රථ 1250 ක්‌ මිලදී ගන්නා බව ලංගම සභාපති රමල් සිරිවර්ධන මහතා පැවසීය.

දිග ප්‍රමාණයේ බස්‌ දහසක්‌ සහ කුඩා ප්‍රමාණයේ බස්‌ දෙසීය පනහක්‌ මෙසේ මිලදී ගන්නා බව පැවසූ සභාපතිවරයා මෙසේ බස්‌රථ මිලදී ගැනීමට කැබිනට්‌ අනුමැතිය ලැබී ඇතැයිද බස්‌ රථ මිලදී ගැනීම සඳහා මේ වනවිට විවෘත ටෙන්ඩර් කැඳවා ඇතැයිද කියා සිටියේය.

Adam’s Peak ශ්‍රී පාදය වෙයි

ගූගල් සිතියම (Google Map) මෙතෙක් කලක් දර්ශනය වූයේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණි. මේ වනවිට ගූගල් සිතියමේ ශ්‍රී ලංකාව අයත්වන සීමාවේ බොහෝ නගර සහ ආයතන නාමයන් සිංහලෙන් දර්ශනය වනවා.

ඇතැම් රටවලට ඒ රටට අදාල භාෂාවන්ගෙන් නගර සහ ස්ථාන නාම දැකගැනීමේ පහසුකම මීට පෙර සිටම දක්නට ලැබුණා.

සිප ගැනීම ගැන ඔබ නොදත් කරුණු


ඔබ පළමු වතාවට යම් කෙනෙක් සිප ගන්නා විට ඩොපමයින් නම් වූ ස්නායු සම්ප්‍රේෂකය උත්තේජනය වෙනවා. එවිට ඔබට ලොකු සතුටක් දැනෙනවා. ඒ සතුට නිසාම තව තවත් සිප ගැනීමට ඔබ තුළ දැඩි කැමැත්තක් ඇතිවෙනවා.සිප ගැනීමෙන් ඔබගේ ආයු අපේක්ෂාව වැඩි වෙනවා. එයට හොඳම සාක්ෂිය වන්නේ රැකියාව සඳහා පිටත්ව යන විට තම බිරිඳ සිප ගන්නා පිරිමින් අවුරුදු 5 ක් වැඩිපුර ජීවත් වෙන බව අධ්‍යයනයකින් පෙන්වා දී තිබිමයි.

ලිත් බෙදූ නඩුවෙන් බැසිල් නිදහස්

දිවිනැඟුම අරමුදලේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් නීතිපති විසින් ‍ගොනුකළ නඩුවට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු දෙදෙනෙකුට ඉදිරිපත් කළ අධිචෝදනා පත්‍ර ඉල්ලා අස්කරගෙන තිබේ.

අදාළ නඩුව අද (06) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතිඥවරයා විසින් මෙම අධිචෝදනා පත්‍ර අද කොළඹ මහාධිකරණය හමුවේ ඉල්ලා අස්කරගෙන තිබේ.

පොලිස්පතිට වගේ මැ.කො.ටත් ඇමතුමක් - Video

පොලිස්පති පූජිත ජයසුන්දර උත්සවයක් අමතමින් සිටියදී දුරකතන ඇමතුමක් ලද ආකාරයටම මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා උත්සවයක් අමතමින් සිටින අතරතුරදී ඔහුට දුරකතන ඇමතුමක් ලැබුනු අතර වහා එය විසන්ධි කරමින් ඔහු කියා සිටියේ ‘මේකට උත්ර දුන්න නම් ලෙඩක්’ යනුවෙනි.



ජයලලිතා වෙනුවෙන් කුරුසියක ඇණ ගසා ගනියි

පසුගිය 2015 වසරේ ජයලලිතාට බලය අහිමිව ගිය අවස්ථාවක ඇගේ අනුගාමිකයෙකු හා කරාටේ ශූරයෙකු බව කියන පුද්ගලයෙකු ප්‍රසිද්ධියේ ලී කුරුසියක සිටගෙන අත් දෙකට ලේ පිටවනතුරු ඇණගසාගත් පුවතක් ඉහත දැක්වේ.








අයවැය වාදබයිලා Video

දෙරණ රූපවාහිනියේ පැවති ‘දෙරණ ස්ටාර් සිටි’ වැඩසටහනේදී පැවති වාදබයිලා ඉසව්වකදී නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක ‘විසිපන්දහ දඩ ගැහුවම මගෙ ගෑණිට කන්න දෙන්නෙ උඹේ අප්පද’ යන්නද ඇතුළත් වාදබයිලාවකින් පිලිතුරු දුන්නේ මුදල් ඇමති ලෙස අයවැය ඉදිරිපත් කල රංගන ශිල්පියාටයි.



සිසේරියන් නිසා මනුෂ්‍ය පරිනාමයට බලපෑම්

මවුවරු සිසේරියන් සැත්කම් වෙත වැඩි වශයෙන් යොමුවීම නිසා අනාගතයේදී මනුෂ්‍ය පරිනාමයට දැඩි බලපෑමක් සිදුවිය හැකි බව විද්‍යාඥයෝ අනතුරු අඟවති.

විශේෂයෙන්ම වර්තමානයේ බොහෝ මවුවරුන්ගේ උකුල් ප්‍රදේශය සිහින් නිසා ඔවුන් වැඩිදෙනා සීසේරියන් සැත්කම්වලට බඳුන්වෙන බව නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇති බව විදෙස් වාර්තා පවසයි.