උඩුවේ හිමිට විදේශ ගතවෙන්න අවසර

බලපත්‍ර නොමැතිව අලි පැටවෙකු ළඟ තබාගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමිට විදෙස් ගත වීම සඳහා කොළඹ මහාධිකරණය අවසර ලබා දී තිබේ.

අදාළ චෝදනාවට ඇප ලබාදීමේ දී උන්වහන්සේගේ විදෙස් ගමන් තහනම් කිරීමට කොළඹ මහාධිකරණය පියවර ගෙන තිබුණි.

මාන්කුලම්හි ඉදිකළ බුදු පිලිම 2ක් විනාශ කරලා

යාපනය මහනුවර ඒ - 09 මාර්ගයේ කනගරායන්කුලම් ප්‍රදේශයේ මීට වසර කීපයකට පෙර යුද හමුදාව විසින් ස්ථාපිත කරන ලද බුදුපිළිම 02ක් ඊ‍යේ (29) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් කඩා බිඳ දමා තිබේ.

අඩි තුනහමාරක් සහ අඩි එකහමාරක් උස සුදු පැහැති මෙම බුදුපිළිම දෙක කැබලිවලට කඩා සිරස් දෙක ඒ අසල තබා තිබී ඇත.

ජනපතිගේ නම බල්ලෙකුගේ ඇඟේ ලියූ අයෙක් අත්අඩංගුවට

රටෙහි ජනාධිපතිවරයාගේ නම සිය සුරතල් සුනඛයාට දමා ඉන් නොනැවතී සුනඛයාගේ ශරීරයේ දෙපසම එම නම පින්තාරු කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම නයිජීරියානු වැසියා එරට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ සාමය කඩකිරීමේ චෝදනාව මත යි.

හරක් වගේ හැසිරෙන්න එපා - චන්ද්‍රිකා

ඊයේ (29) පෙරවරුවේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

පසුගිය රජය සමයේ මුල්ගල් තැබුණු එම ගොඩනැගිල්ල හිටපු ජනපතිනියගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට විරෝධය පළ කරමින් එම අවස්ථාවේදීම ප්‍රදේශවාසීන් පිරිසක් නිට්ටඹුව නගරයේදී උද්ඝෝෂණයක් නිරත විය.

ඩිල්ෂාන් වෙනුවට සචිත් පතිරණ

එක්දින පිටියට සමුදුන් තුන් ඉරියව් සුපිරි ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් වෙනුවට යොවුන් ක්‍රීඩක සචිත් පතිරණ එක්දින සංචිතයට කැඳවා තිබෙනවා.

සචිත් පතිරණ සැලකෙන්නේ තුන් ඉරියව් දක්ෂතා දක්වන ක්‍රීඩකයෙකු ලෙසයි. ඔහු දඟ පන්දු පවන්නෙකු මෙන්ම පිතිකරුවෙකු ලෙසද දේශීය ක්‍රිකට් පිටියේදී සුපිරි දක්ෂතා දක්වා තිබෙනවා.

CCTV දුන්නට දාපු චන්ඩි පාට් - Video

තරුණයෙකුට මරු කැඳවු පාදුක්ක මලගල මාර්ගයේ සිදුවු අනතුරට අදාල සි.සී.ටී.වී දර්ශන පොලිසියට ලබාදිමට එරෙහිව තමන්ට තර්ජන එල්ලවන බව එම නිවැසියන් පවසනවා. ඔවුන් ඒ සම්බන්ධයෙන් පාදුක්ක පොලිසියටද පැමිණිලි කර තිබෙනවා.

පාදුක්ක මලගල මාර්ගයේ අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් කැබ් රථයක ගැටී සිදුවු මෙම අනතුරින් 19 හැවිරිදි තරුණයෙකු පසුගිය 16 වැනිදා මරණයට පත්වුණා. සාදයක් පැවති නිවසක සිට පිටත්වන කැබ් රථයක යතුරුපැදිය ගැටෙන ආකාරය අසල නිවසක සි.සී.ටී.වී කැමරාවක ඉතා පැහැදිලිව සටහන් වි තිබුණා.

ශිෂ්‍යයා පරිවාසයට

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිලවෙබ්අඩවියට අනවසරයෙන් ඇතුළු වී එහි දත්ත වෙනස් කිරීම සම්බන්ධයෙන් තවත් තරුණයෙකු අද (30දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකි. (29දා) දිනයේදී මෙම සිද්ධියට අදාළව කඩුගන්නාව ප්‍රදේශයේදී පාසල් සිසුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී එම පාසල් සිසුවාගෙන් ලබාගත් ප්‍රකාශවලට අනුව මෙම සිද්ධියට අනුබල දුන් මෙම තරුණයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අදාළ විමර්ශන සිදුකර අත්අඩංගුවට ගෙන තිබේ.

අරක්කු පෙරූ ඉංජිනේරුවා අත්අඩංගුවට

කඳාන පොලිස් බලප්‍රදේශයේ කලඑළිය ප්‍රදේශයේ නවීන තාක්ෂණය ආධාරයෙන් නීති විරෝධී අරක්කු භාවිත කර විදේශීය අරක්කු නිෂ්පාදනය කළ සිවිල් ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගැනීමට පෑලියගොඩ විශේෂ විමර්ශ ඒකකය හා කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය 28 දා කටයුතු කර තිබුණි.

මීට මාස කීපයකට පෙර අංක 57/2, දෙවන පටුමග කලඑළිය, ජා-ඇළ පිහිටි සුපිරි නිවස කුලියට ගෙන තිබූ මෙම සිවිල් ඉංජිනේරුවා කූලර් රේඩියේටර් මැෂින් භාවිතා කර විදේශීය ප්‍රසිද්ධ මත්පැන් බෝතල් මිලට නීති විරෝධී මත්පැන් සූක්ෂම ලෙස පාටකර පුරවා දේශිය වෙළෙඳ පොළට අලෙවි කිරීමේ ජාවාරමක නියැළී සිට ඇත. 

දැරියකට නිතර නිතර අතවර කර රූපගත කරලා

දහතුන් හැවිරිදි පාසල් දැරියක් නිරුවත් කර වරින් වර අපයෝජනයට ලක්කර එම දර්ශන වීඩියෝගත කර තම ජංගම දුරකතනවලට දමා නරඹමින් සිටි බාලවයස්කාර ළමයින් පස්දෙනකු සැකපිට හැටන් පොලිසිය මඟින් පෙරේදා (28දා) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.

හැටන් - දික්ඔය දරවල වත්තේ පදිංචි මෙම දැරිය මාස ගණනාවක් තිස්සේ වරින් වර ළමයින් පස්දෙනා විසින් අපයෝජනය කර ඇති බවත් එම අවස්ථා සියල්ලම ඔවුන් වීඩියෝ ගත කර ඇති බවත් මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

කළුබෝවිල රෝහ‍ලේ දොස්තරගෙන් තරුණියකට අතවර

ශ්‍රී ජයවර්ධනපුර ශික්ෂණ රෝහලට පරීක්ෂණයක් සඳහා පැමිණි තරුණියකට කළුබෝවිල ශික්ෂණ රෝහ‍ලේ අධිකරණ වෛද්‍යවරයා අතවරයට ලක් කිරීමේ සිද්ධිය පිළිබඳ වහාම පරීක්ෂණයක් පැවැත්වීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා කළුබෝවිල ශික්ෂණ රෝහ‍ලේ අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාට නියෝග කර තිබේ.

පෙම්වතා පහර දීම හේතුවෙන් 21 හැවිරිදි තරුණියක් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වී ඇති අතර එම රෝහ‍ලේ අධිකරණ වෛද්‍යවරයකු නොමැති බැවින් එම පරීක්ෂණය සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල් අධිකරණ වෛද්‍යවරයා රෝහලට ගෙන්වා තිබේ.