ඛනිජ තෙල් ඇමති කළකිරෙයි

තමන්ගෙන් විමසීමක් නොකර ඛනිජ තෙල් නිෂ්පාදන බද්ද ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය ගත් තීරණය සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරන බව විෂයභාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසනවා.

ඔහු පෙන්වා දුන්නේ මෙම තීරණය මගින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මුහුණදිය හැකි තත්ත්වයන් පිළිබද සොයා බැලීමකින් තොරව අදාළ තීරණය ගෙන ඇති බවයි.

ඒකාබද්ධ විපක්ෂය වෙනම තරග වදිනවා

ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඒකාබද්ධ විපක්ෂය වෙනම තරග වදින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රි ප‍්‍රසන්න රණතුංග මහතා පවසනවා.

මන්ත‍්‍රිවරයා මේ බව ප‍්‍රකාශ කලේ මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ පැවති ජන හමුවකදී.




රාජිතගේ බාල පුතුගේ විවාහය

පසුගිය කාලයේ කථාබහට ලක්වූ අමාත්‍ය රාජිත සේනාරත්නගේ පුත් එක්සත් සේනාරත්නගේ විවාහ උත්සවය පසුගිය 12 වනදා කොළඹ හිල්ටන් හෝටලයේ පැවැත්වුණා. ඒ සඳහා විශේෂ ආරාධිතයින් පිරිසක් පමණක් එක්ව සිටියා. 

පසුගිය කාලයේ බලවයස්කාරියක නිවසේ රඳවා තබාගන්නා බව කියමින් රාජිතගේ ලේලිය වන දිලිනි නමැති දැරිවිය සම්බන්ධයෙන් ඇගේ මාපියන් නීතියෙන් ක‍්‍රියා කරන්නට උත්සාහ කළද පසුව එම නඩුව සමථයකට පත්වූයේ පැමිණිලි පාර්ශ්වය එය ඉල්ලා අස්කරගැනීමේ සිදුවීමකින් පසුය.

ජනපතිට එරෙහිව සයිබර් යුද්ධයක්

ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට කඩා වැදී ඇති අන්තර්ජාලයේ 'හැකර්ස්'ලා ඉල්ලීම් හා කොන්දේසි කීපයක් ඉදිරිපත් කරමින් ඒවා ඉටු නොකළහොත් ඉදිරියේදී සයිබර් යුද්ධයකට සූදානම් වෙන්නැයි ජනාධිපතිවරයාට අනතුරු ඇඟවීමක් කර තිබේ.

'ශ්‍රී ලන්කන් යූත්' නමින් මේ තර්ජනය කරන 'හැකර්ස්' ලාගේ ඉල්ලීම් හා කොන්දේසි වන්නේ,
අ.පො.ස. උසස් පෙළ විභාගය පවත්වන දින වකවානු වෙනස් නොකරන්න.

තිසුරිට Mobile Phone එකක් නැලු

තවමත් ජංගම දුරකථනයක් පාවිච්චි නොකරන නව පරපුරේ නිළියක් ඉන්නවා. ඇය තමයි තිසුරි යුවනිකා. ඇය සහ ඇගේ මව වන සුසන්තා චන්ද්‍රමාලි භාවිත කරන්නේ එකම දුරකථන අංකය. 

තිසුරිවත් කන්ටැක්ට් කරගන්න ඕන නම් ගන්න ඕන සුසන්තාගේ අංකයට. ඇයි දන්නෙ නැහැ තිසුරි ජංගම දුරකථන පාවිච්චි කරන්නෙ නැත්තෙ. ඇතැම්විට එය අනවශ්‍ය කරදරයක් කියලා හිතෙනවද දන්නෙ නැහැ. කෙසේ වෙතත් ජංගම දුරකථනයක් නැති වුණත් ජංගම දුරකථන තියෙන නිළියන්ට වඩා තිසුරි වෙලාවට වැඩ කරනවා කියලා නම් කියන්න ඕනෑ.

මහින්දගේ මන්ත්‍රීන් ශ්‍රීලනිප සමුළුවට නෑ

ඒකාබද්ධවිපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම කුරුණෑගල පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයට සහභාගි නොවීමට බොහෝදුරට ඉඩ ඇතැයි ඒකාබද්ධ විපක්ෂය පවසයි.

මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නියෝජනය කරන ආසනවල ආසන බල මණ්ඩල කැඳවා පක්ෂ සම්මේලනයට සහභාගි විය යුතු දැයි පක්ෂ සාමාජිකයින්ගෙන් මේ දිනවල විමසමින් පවතියි. 

සුජානි බෝගොල්ලාගමට ඇප

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ගවර්ස් කොපරේෂන්හි සාමාන්‍යාධිකාරි සුජානි බෝගොල්ලාගම මෙනෙවිය කොළඹ අලුත්කඩේ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා විසින් අද (26) බර ඇප කොන්දේසි මත මුදා හරිනු ලැබීය.

නාමල් රාජපක්ෂ මහතාගේ එන්ආර් කන්සල්ටන්ස් හා ගවර්ස් කොපරේෂන් සමාගම් දෙකේහි සිදුවූ බව කියන රුපියල් මිලියන 45ක වංචාවක් සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගැනුණි.

රෝසිගෙන් පොලිසියට තග

හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ දිනේෂ් ඩි. දොඩංගොඩ මහතාට පෙරේදා (24) දින පහරදී ඇත්තේ ඉසිර අසේල දිසානායක නැමැත්තෙකු බව මේ වන විට හෙළිදරව් වී තිබේ.

මොහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී - රෝසි සේනානායක මහත්මියගේ ළඟම ඥාතියෙකු බව පැවසේ. නැතිනම් ඔහු රෝසි සේනානායකගේ සොයුරියගේ හිටපු සැමියා වන දයාන් දිසානායකගේ ඥාතියකු බව වාර්තා වේ.

වරද පිළිගනියි - නකල්ස් මස්වැද්දන් නිදහස්

සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ මහත් ආන්දෝලනයට තුඩුදුන් නක්ලස් රක්ෂිතයේ සතුන් ඝාතනය කර එම ඡායාරූප අන්තර් ජාලයට මුදාහැරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 06 දෙනා අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබේ.

ඒ අනුව පන්විල සංචාරක මහේස්ත්‍රාත් එම්.එච්. රෆික්ඩීන් මහතා ඔවුන්ට 175,000ක දඩයක් නියම කළ බව වාර්තාකරු සඳහන් කළේය.

ලංකාවේ 9657ක් සියදිවි නසාගෙන

ශ්‍රී ලංකාවේ ඉකුත් වසර තුනේදී සියදිවි නසාගැනීම් 9657ක් සිදුවී ඇත. එම සියදිවි නසාගැනීම් අතරේ පුරුෂයන් 7576ක් සහ ස්ත්‍රීන් 2081ක් ඇති බව සඳහන් වෙයි. ස්ත්‍රීන් 752ක් හා පුරුෂයන් 2703ක් 2013 වසරේද, ස්ත්‍රීන් 660ක් හා පුරුෂයන් 2484ක් 2014 වසරේද, ස්ත්‍රීන් 669ක් හා පුරුෂයන් 2389ක් 2015 වසරේදීද දිවි නසා ගැනීම් සිදුවී ඇත.

ඉකුත් වසර තුනේදී සිදුවූ සියදිවි නසාගැනීම් වලින් වැඩිම ප්‍රමාණය වන සියදිවි නසාගැනීම් ප්‍රමාණය වයස අවුරුදු 71න් ඉහළ සහ වයස අවුරුදු 21 - 25 අතර අය අතුරින් සිදුවී ඇත.