අතේ වැවුණු කන - Video

චීන ජාතික ජී මහ මඟ ගමන් කරමින් සිටියදී හදිසි අනතුරකට මුහුණ පෑවේය. අනතුර හේතුවෙන් ජීගේ මුහුණේ දකුණු පැත්තට බරපතළ හානි සිදුවිණ. ඒ හානිය කෙතරම්දැයි කිවහොත් ඔහුගේ මුහුණ යථා තත්ත්වයට ගැනීමට වෛද්‍යවරුන්ට බොහෝ වෙහෙසෙන්නට වූ බව දැක්වේ. 

ඔවූහු ජීගේ මුහුණේ සම සහ නිකට ප්‍රදේශය ශල්‍යකර්ම ගණනාවකට ලක් කළෝය. ඒ ශල්‍යකර්ම සියල්ලම අවසන් වනවිට අනතුර සිදුව වසරකට ආසන්න කාලයක් ගතව තිබිණ.

මවුකිරි දීමේදී සුදු අම්මලා ඉදිරියෙන්!

මවු කිරට සම කළ ‍හැකි වෙනත් ආහාරයක් දරුවකුට මෙලොව නැත‍. ඇමෙරිකාවේ හාර්වඩ් විශ්වවිද්‍යාලයෙහි වෛද්‍ය පීඨය මඟින් කරන ලද පර්යේෂණයකින් ඒ බැව් තවදුරටත් සනාථ වන කරුණු හඳුනා ගෙන තිබේ. විශේෂයෙන් ම කළු සමක් සහිත සහ ස්පාඤ්ඤ බස කතා කරන රටවල දරුවන්ට මවු කිරිවලින් සුවිශේෂ ආරක්ෂාවක් ලැබෙන බව මේ පර්යේෂණයෙන් හෙළි වී තිබේ. මේ රටවල උපදින දරුවන් කර්ණාබාධ, බඩවැල් ආශ්‍රිත ආබාධ හා ක්ෂණික තොටිලි මරණවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් දරන බව ද එමඟින් හෙළි වී තිබේ. මවු කිරි මේ අවදානමෙන් මිදීමට ඇති හොඳම විසඳුම වන බව ද මෙහිදී සනාථ වී ඇත.

අශිකාට අකරතැබ්බයක්

මේ දවස්වල අශිකා මතසිංහ නවතම ටෙලි නාට්‍යයකට රංගන දායකත්වය ලබා දෙනවා. ඒ වගේම නවතම චිත්‍රපටයකටත්, වෙළඳ දැන්වීම් කිහිපයකටත් ඇය දායක වුණා. මේ සියලු කටයුතු අතරේ අශිකා කාලයකට පස්සේ ගීතයක රූපමය වීඩියෝවකටත් පෙනී හිටලා. මේ ගීතයේ දර්ශන රූගත කරත් දී අශිකා නොහිතපු අන්දමේ අකරතැබ්බකට මුහුණ පෑ පුවතක් අපිට ආරංචි වුණා.

' මම වසර කිහිපයකින්ම ගීතමය රූ ගත කිරීමකට දායක වුණේ නැහැ. කාලෙකට පස්සේ කැමරා අධ්‍යක්ෂවරයෙක් විදිහට කටයුතු කරන සහෝදර ශිල්පියෙක් නවතම ගීතයක් ගායනා කළා. 'හිනාවෙන්න රත්තරං... නමින්. මේ ගීතයේ විෂුවල්එකට රඟපාන්න මට ආරාධනා කළා. මම එහි රඟපෑවේ පෙම්වතිය ලෙසයි. එක් දර්ශනයක් තිබුණා කණ්ඩියක් උඩ මාව ඔසවාගෙන යනවා රූගත කරන්න. මමත් ඉතින් කණ්ඩිය උඩට ගියා. එක තත්පරයක් ගියේ නැහැ. ලෙස්සල බිමටම වැටුණා. වාසනාවකට තුවාලයක් නම් වුණේ නැහැ. ඒ වගේම 'ෆේස් ටු ෆේස්' චිත්‍රපටයේත් මම වෛද්‍යවරියකගේ චරිතය නිරූපණය කළා. එයත් මට තවත් අපූරු අත්දැකීමක් එක්කළා.'

හම්බන්තොට වරායට ස්‌ථිර නාවික කඳවුරක්‌

හම්බන්තොට, මාගම්පුර වරායේ ඊයේ (16 දා) සිට ස්‌ථිර නාවික කඳවුරක්‌ ස්‌ථානගත කර ඇත.මෙතෙක්‌ තිබුණේ නාවික අනුඛණ්‌ඩයක්‌ පමණි.

මෙයට හේතුවී ඇත්තේ වරාය සේවකයන් නැව් දෙකක්‌ බලෙන් රඳවා ගැනීමයි.ජාත්‍යන්තර නාවික රෙගුලාසි අනුව එම නැව් බලෙන් රඳවා ගැනීම තහනම් වේ.එසේම වරාය තුළට නීති විරෝධී ලෙස ඇතුළු වීමේ ඉඩකඩ තිබූ බව විමර්ශනවලින් හෙළිවී ඇත.

ලෝක බැංකුවෙන් අ.ඩො.මිලියන 1340ක සහන ණයක්

ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 1340 ක සහන ණය මුදලක් ලබාදීමට ලෝක බැංකුව එකඟතාවය පළකරයි.

අදාළ එකඟතාව ඊයේ (16) පෙරවරුවේ ලෝක බැංකුව නිල වශයෙන් ශ්‍රී ලංකා රජයට දැනුම් දුන් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කෙළේය. ඊයේ සන්ධ්‍යාවේ මුදල් අමාත්‍යාංශයේදී මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් රවී කරුණානායක මහතා මේ බව සඳහන් කළේය. මෙම සහන ණය මුදල ඉදිරි වසර තුනක කාලය ඇතුළත ශ්‍රී ලංකාවට හිමිවන අතර, එය වසර 15 කින් ගෙවා නිමකිරීමේ සහන කාලයක් ලබා දී ඇත.