2016 වසර තුළදී ලාංකිකයන් සොයපු අය

2016 වසර තුළදී ගූගල් සෙවුම් යන්ත්‍රය භාවිත කළ ශ්‍රී ලාංකිකයන් එහිදී Cricket Score නැමැති වචනය වැඩිම වාර ගණනක් සොයා තිබේ. එසේම පුද්ගලයෙකු ලෙස ගත්විට ඇමෙරිකාවේ අභිනව ජනපති Donald Trump පිළිබඳව වැඩි දෙනෙකු උනන්දු වී තිබේ.

සිංහල හඩ කැවීම් ඇති ඉන්දීය කතාව වන ප්‍රේම දඩයම හා සදහටම ඔබ මගේ යන ටෙලි නාට්‍ය පිළිබඳව ශ්‍රී ලංකා ජනතාව වැඩියෙන් උනන්දු වි තිබේ. ඇමෙරිකාවේ ජනපතිවරණ සටන පිළිබඳවත් ජනතාව උනන්දුවක් දක්වා ඇති අතර සිදූ ටෙලි නාට්‍යයද මේ වසරේදී ජනතාවගේ අවධානය දිනාගත් අංගයක් බවට පත්ව තිබේ.

එමිල් කාන්තන්ට විවෘත වරෙන්තු

රාඩා ආයතනයේ රුපියල් මිලියන 124 ක් අවභාවිතා කළැයි කොටි සංවිධානයේ හිටපු නායකයකු වන එමිල් කාන්තන්ට විවෘත වරෙන්තු නිකුත් කලේය.

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනගේ නියෝගයකට අනුවයි.

සුනාමි සමයේ උතුරු නැගෙනහිර විපතට පත් වුවනට සහන සැලැස්වීමට රාඩා ආයතනය පිහිට වීය.

වරායේ වර්ජනය අත්හිටුවයි

දින අටක් තිස්සේ හම්බන්තොට, මාගම්පුර වරායේ පැවැති සේවක වර්ජනය අද (15) අවසන් කිරීමට තීරණය කර තිබේ.

පාලනාධිකාරිය සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව පැමිණි එකඟතාවන් අනුව මෙලෙස තම සත්‍යග්‍රහය අවසන් කිරීමට තීරණය කළ බව වරාය සේවක කමිටුව පැවසී ය.

දුම්වැටි අලෙවිය සියයට 45කින් පහතට

දුම්වැටි බදු සහ මිල ඉහළ දැමීමත් සමග ලංකා දුම්කොළ සමාගමේ දුම්වැටි අලෙවිය 45%කින් පහත වැටී ඇතැයි එම සමාගම සඳහන් කළේය.

රට තුළ දුම්වැටි භාවිතය අවම කිරීම, දුම්පානය මගින් රෝගී වන පුද්ගලයන් වෙනුවෙන් වැය කරන මුදල අඩු කිරීම සහ දුම්වැටි භාවිතය නිසා සිදුවන පුද්ගල මරණ සංඛ්‍යාව අඩු කිරීම යන කරුණු දුම්වැටි මිල ඉහළ දැමීමේ ප්‍රධාන අරමුණ වූ අතර, රජයේ බදු ආදායම වැඩි කරගැනීමද මෙහි එක් අවශ්‍යතාවක් විය.

රත්තරං පාට වවුලෙක්‌ කන්තලේට ඇවිත්

උඳුවප් පොහොය යෙදුණු පෙරේදා (13 දා) කන්තලේ තල්ගස්‌වැව පිහිටි සිය බඩ ඉරිඟු වත්තේ කිසි දිනෙක දැක නොමැති රත්තරං පාට දුර්ලභ ගණයේ වවුලකු සැරිසරනවා දැක තම මිතුරෙකු වූ කැළුම් සමඟ පැය තුන හතරක්‌ වෙහෙස වී ඌ අල්ලා ගත් බවත්, වවුලා වනජීවී නිලධාරීන්ට භාර දීමට කටයුතු කරන බවත් සිවිල් ආරක්‍ෂක භටයකු වන කමල් චන්ද්‍රසිරි මහතා පැවැසීය.

කන්තලේ තල්ගස්‌වැව තම නිවසේ සිටින මේ වවුලා දැක බලා ගැනීම සඳහා බොහෝ පිරිසක්‌ නිවසට පැමිණෙන බව ද කමල් මහතා පවසයි.