වසීම් අක්‍රම් ශ්‍රී ලංකාවෙන් ඉඩමක්‌ සොයයි

ක්‍රිකට්‌ ඉතිහාසයේම බිහිවූ විශිෂ්ටතම වේග පන්දු යවන්නන් තේරුවහොත් ඒ අතරට වසීම් අක්‍රම්ගේ නාමයද ඉහළින්ම යෝජනා වෙයි. ක්‍රිකට්‌ පිටියේ ආක්‍රමණකාරී පන්දු යවන්නකු වුවද ඊටත් එහා ගිය වාග් ප්‍රහාරයකු වූ වසීම් අක්‍රම් ක්‍රිකට්‌ පිටියෙන් එපිටට ගිය විට නිරහංකාර චරිතයකි.

ශ්‍රී ලංකාවට තම දෙවැනි ගෙදර බවට පවසන වසීම් අක්‍රම් ශ්‍රී ලංකාවේ ඉඩමක්‌ මිලදී ගෙන ගෙයක්‌ දොරක්‌ හදා ගැනීමේ සිහිනයකද තනිවී සිටියි. කෙසේ වෙතත් කලකට පසුව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ ඇරයුමෙන් මෙරටට පැමිණි වසීම් අක්‍රම් සමග "ඉරිදා දි අයිලන්ඩ්" පුවත්පත කළ සමුම්මුඛ සාකච්ඡාවේදී ඔහු ගැන තවත් අපි නොදන්නා දේ දැන ගත්තෙමු.

රක්තහීනතාවට තිත තියන උගුරැස්ස


අප ෙදෙනිකව ගන්නා ආහාර වර්ග බොහෝ විට ඒකාකාරී ස්වභාවයක් ගනී. විශේෂයෙන් අපි ඇපල්, දොඩම්, අන්නාසි, මිදි, පැ‍පොල් ආදී පලතුරුවලට පමණක් සීමා වී සිටිමු. එයට හේතුව ඒවා වෙළෙඳ‍පොළෙහි බහුලව දක්නට ලැබිමයි. නමුත් ස්වභාවික පරිසරයේ ඉබේ වැවෙන හෝ වගා කිරීමට වැඩි වෙහෙසක් අවශ්‍ය නැති පලතුරු වර්ග කොතෙකුත් අප රටෙහි ඇත. බොහෝ විට එම පලතුරු වර්ග වගාකිරීමට කෘමිනාශක, වල්නාශක, රසායනික ‍පොහොර අවශ්‍ය නැත. එනම් වස විසෙන් තොර පලතුරුය.

2017 අයවැය සම්මතයි - Video

2017 වර්ෂයට අදාල අය වැය තෙවන වර කියවීම වැඩි ඡන්ද 110න් සම්මත විය. අය වැයට පක්ෂව ඡන්ද 165ක් ලැබුණු අතර විපක්ෂ ජන්ද 55ක් ලැබුණි.

ආණ්ඩු පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය අය වැයට පක්ෂව ඡන්දය ලබාදුන් අතර ඒකාබද්ධ විපක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ අය වැයට විරුද්ධව ඡන්දය දුන් බව අප වාර්තාකරු පැවසීය. ඡන්දය විමසන අවස්ථාවට මන්ත්‍රීවරුන් 4 දෙනෙක් සහභාගී වී නැත.

බ්‍රසීලයෙන් සීනි ගෙන්වන්නේ නෑ

බ්‍රසීලයෙන් සීනි ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නැවැත්වීමට ශ්‍රී ලංකා සීනි ආනයනකරුවන්ගේ සංගමය තීරණය කොට තිබේ. බ්‍රසීලයේ සිට මෙරටට ආනයනය කරන සීනි කන්ටේනර්වල කොකේන් හමුවීම මේ තීරණය ගැනීමට හේතු වූ බව එම සංගමය පවසයි.

එහි ප්‍රකාශකයකු පැවැසුවේ දැනටමත් බ්‍රසීලයෙන් සීනි ආනයනය කිරීම නතර කර තිබෙන බවයි.

මගේ පඩිය 95,000යි

ජනාධිපතිවරයා හැටියට තමන්ට ලැබෙන වැටුප රුපියල් 95,000ක් බවත් එහෙත් තමා කිසිසේත්ම වැටුප් වැඩි කිරීමක් ඉල්ලන්නේ නැති බවත් බරපතළ ණය මත යැපෙන අසීරු ආදායම් තත්ත්වයක් ඇති රටක මහජන නියෝජිතයන් හැටියට මීට වඩා සරල ජීවන පැවැත්මක් ගැන හිතන්නට පුරුදු විය යුතු බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දූෂණ විරෝධී ජාතික සමුළුවේදී ප්‍රකාශ කෙළේය. සංවිධානාත්මක මිනීමැරුම්, මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ ගැන කතා කරන නමුත් අද රාජ්‍ය සේවාව තුළ තිබෙන සංවිධානාත්මක අල්ලස් හා දූෂණ ගැන කතා කරන්නේ නැති බවත් ජනාධිපතිවරයා පැවැසීය.