ක්රිකට් ඉතිහාසයේම බිහිවූ විශිෂ්ටතම වේග පන්දු යවන්නන් තේරුවහොත් ඒ අතරට වසීම් අක්රම්ගේ නාමයද ඉහළින්ම යෝජනා වෙයි. ක්රිකට් පිටියේ ආක්රමණකාරී පන්දු යවන්නකු වුවද ඊටත් එහා ගිය වාග් ප්රහාරයකු වූ වසීම් අක්රම් ක්රිකට් පිටියෙන් එපිටට ගිය විට නිරහංකාර චරිතයකි.
ශ්රී ලංකාවට තම දෙවැනි ගෙදර බවට පවසන වසීම් අක්රම් ශ්රී ලංකාවේ ඉඩමක් මිලදී ගෙන ගෙයක් දොරක් හදා ගැනීමේ සිහිනයකද තනිවී සිටියි. කෙසේ වෙතත් කලකට පසුව ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ඇරයුමෙන් මෙරටට පැමිණි වසීම් අක්රම් සමග "ඉරිදා දි අයිලන්ඩ්" පුවත්පත කළ සමුම්මුඛ සාකච්ඡාවේදී ඔහු ගැන තවත් අපි නොදන්නා දේ දැන ගත්තෙමු.




