ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ සංචිතයේ වෙනසක්‌

දකුණු අප්‍රිකානු සංචාරයට සහභාගි වන ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ කණ්‌ඩායමට නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්‌ සහ උපනායක දිනේෂ් චන්දිමාල් ඇතුළත් වෙද්දී පළමු වරට නවක වේග පන්දු යවන්නකු වන විකුම් සංජය ටෙස්‌ට්‌ සංචිතයට ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ඒ අනූව සිම්බාබ්වේ ටෙස්‌ට්‌ තරගාවලිය ක්‍රීඩා කළ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු වෙනුවට වෙනත් ක්‍රීඩකයන් කණ්‌ඩායමට ඇතුළත් කරමින් දකුණු අප්‍රිකානු සංචාරය සඳහා ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ සංචිතයේ ලොකු වෙනසක්‌ සිදුකර තිබේ. ආබාධයක්‌ හේතුවෙන් මාස කිහිපයක්‌ විවේකව සිටි වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර දකුණු අප්‍රිකානු සංචාරයට එක්‌කර ඇති අතර ඔහු ශ්‍රී ලංකා කණ්‌ඩායමේ සිටින වේගවත්ම පන්දු යවන්නාද වේ.

පකිස්ථාන ගුවන් යානයක් අනතුරකට ලක්වෙයි

පකිස්ථාන ගුවන් සේවයට අයත් PK-661 දරණ ගුවන් යානයක් මීට ස්වල්ප මොහොතකට පෙර අනතුරකට ලක් වී තිබේ.

ඒ අවස්ථාවේදී එහි මගීන් 47කට අධික සංඛාවක් ගමන් කරමින් සිට ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

අදාළ ගුවන් යානය චිත්‍රාල් සිට ස්ලාමාබාද් බලා පියාසර කරමින් සිටි අවස්ථාවේදී මෙම අනතුරට ලක්ව ඇති බව එරට පොලීසිය විසින් රොයිටර් පුවත් සේවයට වාර්තා කර ඇති බව සඳහන්ය.

Facebook ගිණුමේ පූජා උමාශංකර් මියගිහින්


පූජා ගෞතමී උමාශංකර්, මේවනවිට බොහෝ දෙනෙක් දන්නා ලාංකික සම්භවයක් සහිත ඉන්දීය නිළියක්නේ.ඉතින් පුජාට නොසිතූ කරදරයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා කියලා අපිට ආරංචිවුණා.

කරුණාට අැප

රුපියල් අට කෝටියක් වටිනා වෙඩි නොවදින රථයක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු විනයාගමූර්ත් මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් දැඩි අැප කොන්දේසි මත මුදා හැර තිබෙනවා.

රුපියල් දස ලක්ෂයක මුදල් අැපයක් හා රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර අැප හතරක් මත නිදහස් කෙරුණු කරුණා අම්මාන් හට විදෙස් ගමන් තහනම් කර තිබේ.

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දිවයිනේ අද (07) අලුයම් කාලයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.සුමාත්‍රාවේ - අචේ ප්‍රාන්තයට ඔබ්බෙන් සිදුව ඇති මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණය අනුව 6.4 ක්.

භූ කම්පනයෙන් සිදුවූ හානි පිළිබදව මෙතෙක් වැඩිදුර තොරතුරු ලැබී නොමැති නමුත්, එහි ජනයා කලබලයට පත්වූ බවත්, නිවාස රැසකට විදුලිය බිද වැටී ඇති බවත්, වාර්තා වනවා.2004 වසරේ ආසියානු සුනාමියට මුල් වූ භූ කම්පනය ද මෙම ප්‍රදේශය ආශ්‍රිතව සිදුවීම නිසා ඇතැම් ජනයා ආරක්ෂිත ස්ථාන කරා ගොස් ඇති බව සදහන්.